කෆීර් යානාවලට අමතර කොටස් ගැනීමේ ටෙන්ඩරය ගුවන් හමුදාව අත්හිටුවයි

373

ඩොලර් සංචිත හිඟය මැද කෆීර් ප‍්‍රහාරක යානා සඳහා අමතර කොටස් පණිවුඩ පද්ධති සහ ඇන්ටෙනා මිලයට ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩර් ගුවන් හමුදාව විසින් වහාම අත්හිටුවා ඇත.

මෙම ටෙන්ඩර් කැඳවීම පසුගිය සෙනසුරාදා (17 දා* දිවයින මුල් පිටුවෙහි අනාවරණය කර තිබුණි.

රජයේ බලධාරීන්ට හොරෙන් මේ ටෙන්ඩර් කැඳවූයේ කෙසේද යන්න ගැන ආරක්‍ෂක අමාත්‍යාංශය ද ඊයේ (20 දා) විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊශ‍්‍රායල් ඒරෝස්ටේට් සමාගම නවීකරණය කරන කෆීර් ප‍්‍රහාරක යානාවලට අමතර කොටස් සහ උපාංග සවිකරන බව තහවුරු කර තිබියදී ඉහත කී ටෙන්ඩර් කැඳවා තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment