ක්‍රිකට් කෙල්ලන්ගේ ‘කල්ල මරේ’

374

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සඳහා ගෙවන තරග ගාස්තු තෙගුණයකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව සීමිත පන්දුවාර තරගයක් සඳහා ක්‍රීඩිකාවකට මෙතෙක් ගෙවූ ඇමරිකානු ඩොලර් 250ක මුදල ඇමරිකානු ඩොලර් 750ක් දක්වා ඩොලර් 500ක මුදලකින් ඉහළ දමා තිබේ.

පසුගිය 31 වැනිදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති අතර එම වැටුප් වැඩි වීම පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.

තවද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරන සෑම තරගයක් (ද්විපාර්ශ්වික තරගාවලි හෝ ජාත්‍යන්තර තරගාවලිවල) සඳහා එක් ක්‍රීඩිකාවකට ඇමරිකානු ඩොලර් 250ක අමතර මුදලක් ද හිමි වීමට නියමිතයි.

කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවන් සඳහා ද තරග ගාස්තුවෙන් 25%ක මුදලක් හිමි වන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment