ක්‍රිකට් නායක දසුන්ට පාසලෙන් උපහාර

805

මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පිළිගැනීමේ සහ උපහාර පිදීමේ උත්සවයක් ඊයේ (22දා) මීගමුව මාරිස්ටෙලා විදුහලේ දී උත්සවාකාරයෙන් පැවැත්විය.

මෙම විශේෂ උත්සවය මාරිස්ටෙලා විදුහල, එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය සහ ක්‍රීඩා සංගමය එක්ව සංවිධානය කොට තිබිණි.

ක්‍රිකට් නායක දසුන්ට පාසලෙන් උපහාර

එම අවස්ථාවට මාරිස්ටෙලා විදුහලේ විදුහල්පති සුනන්ද අල්විස් සහෝදරතුමන්, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති අජිත් වීරසිංහ, ක්‍රීඩා සංගමයේ සභාපති රොෂාන් කුලතිලක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වූහ. එහිදී දසුන් ශානක ආදි සිසුවාට උපහාර තිළිණය ප්‍රදානය කරනු ලැබුවේ විදුහල්පති සුනන්ද අල්විස් සහෝදරතුමන් විසිනි. දසුන් ශානක උත්සවය කරා පැමිණි අයුරු සහ ඔහුට සමරු තිළිණයක් පිරිනැමූ අයුරු ඡායාරූපවල දැක්වේ.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment