ක‍්‍රිකට් බලන්න ගිය 13 වසරේ සිසුවාගේ මළ සිරුර වගා ළිදකින් සොයා ගනී

508

හැටන් මනුර සුදත් සෙල්ලහේවා අනාරක්ෂිත වගා ළි`දකට වැටී පාසල් සිසුවෙක් පෙරේදා(13දා) දින පස්වරුවේ ජීවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ බගවන්තලාව බි‍්‍රඞ්වෙල් වතු යායේ පදිංචි බගවන්තලාව සෙන් මේරි ජාතික පාසලේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි භාරත් දර්ශන් නැමති අවුඃ18 හැවිරිදි පාසල් සිසුවෙකි.

බගවන්තලාව සෙන් මේරි ජාතික පාසල්  ක‍්‍රිඩාංගණයේ 13 දින පැවති ක‍්‍රිකට් තරගාවලියක් නැරඹීමට යන බව පවසා ඇති මියගිය සිසුවා එදින පස්වරුව තෙක් නිවසට නොපැමිණි නිසා දෙමව්පියන් විසින් ඔහුව සොයා ඇත. ක‍්‍රිකට් තරගාවලිය නැරඹීමට භාරත් දර්ශන් නොපැමිණි බවට ඔහුගේ මිතුරන් විසින් දෙමව්පියන් වෙත දැනුම් දීමෙන් පසු නිවස අවට දරුවා සොයා සිදු කළ මෙහෙයුමකදී නිවසට ආසන්නයේ පිහිටි භාවිතයට නොගන්නා අඩි 6 ක් පමණ ගැඹුරකින් යුත් වගා ළි`දක හිස පහළටත් පාදයන් ඉහළටත් සිටින සේ සිරුරක් තිබෙන බවට දුටු ප‍්‍රදේශවාසීන් එම සිරුර ගොඩගෙන පරීක්ෂා කිරීමේදී එම සිරුර භාරත දර්ශන්ගේ බවට අනාවරණය කරගෙන ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

මිය ගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය ස`දහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇත.

ඡායාරූපහා සටහන නුවරඑලිය නාලක රත්නායක, මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක,
 

advertistmentadvertistment
advertistmentadvertistment