ක්‍රිකට් හා සෙසු ක්‍රීඩා ගැන ඇමැති නිකුත් කර ඇති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්න
අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

150

ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු අනෙකුත් ක්‍රීඩා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර ඇති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (27 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට එරෙහිව අභියාචනාධිකරණය ගොනුකොට ඇති රිට් පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු මෙම අතුරු නියෝගය බලපැවැත්වේ.

මෙම පෙත්සම් ඊයේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා අභියාචනාධිකරණ විනිසුරු එම්. එන්. මරික්කාර් යන මහත්වරු ඉදිරියේ සලකා බැලිණි.

ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර ඇති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය නීතියට පටහැනි බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් කිහිපයක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment