ක්‍රීඩකයෝ 100ක් හෙට සිට ජාතික සුපර් ලීග් සිවුදින සටනේ : දක්ෂයන්ට හොඳ අවස්ථාවක්

294

ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරග සඳහා අවශ්‍ය ක්‍රීඩකයන් තෝරා ගැනීම ඉලක්ක කර ගෙන ක්‍රීඩකයන් 100කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙට (19 වෙනිදා) කොළඹ දී ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව කොළඹ සහ කැන්ඩි කණ්ඩායම කොළඹ එස්.එස්.සී. පිටියේදී ද, දඹුල්ල සහ ගෝල් කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ද හෙට සිට සිය සටන් ආරම්භ කරනු ඇත. තරගාවලියට එක්වන අනෙක් කණ්ඩායම වන්නේ ජැෆ්නා කණ්ඩායම යි.

කණ්ඩායම් 5කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය මාර්තු 05 වැනිදායින් අවසන් වීමට නියමිත අතර තරගාවලියේ ලීග් වටය අවසානයේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 4 අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබයි. අවසන් මහ තරගය මාර්තු 02 වැනිදා සිට 05 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. කොළඹ එස්.එස්.සී.,

ආර්. ප්‍රේමදාස සහ ගාල්ල ක්‍රීඩාංගණවලට අමතරව කොළඹ පී. සරා, මහනුවර පල්ලකැලේ, රංගිරි දඹුල්ල සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී තරග පැවැත්වේ.

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වතාවට වන අතර අභිනව තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කැන්ඩි පිල සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වල මහතා මෙම තරගාවලියේ තරග අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, එල්පීඑල් තරගාවලිය මගින් පන්දුවාර විස්සයි විස්ස තරග සඳහා සුදුසු ක්‍රීඩකයින් සොයා ගන්නා බවත් මෙම සිව් දින තරගාවලිය ජාතික ටෙස්ට් සහ එක්දින සංචිතයන් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමට රුකුලක් වන බවයි. ක්‍රීඩා සමාජ තරගාවලිවලදී ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයන් මෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් ද, ජාතික කණ්ඩායම නියෝජනය කර දැනට ඒ සඳහා අවස්ථාවක් නොමැති ක්‍රීඩකයන් ද තරගාවලිය සඳහා සම්බන්ධ වී ඇති බව ද සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

එම තරගාවලියේ නායකයින් ලෙස කුසල් මෙන්ඩිස් (කොළඹ), ධනංජය ද සිල්වා (යාපනය), නිරෝෂන් දික්වැල්ල (නුවර), රමේෂ් මෙන්ඩිස් (ගාල්ල) සහ කමිඳු මෙන්ඩිස් (දඹුල්ල) කටයුතු කිරීමට නියමිතය.

එක් එක් කණ්ඩායම් සහ නියෝජනය කරන ක්‍රීඩකයන් මෙසේය.

කොළඹ කණ්ඩායම කුසල් මෙන්ඩිස් – (නායක), දිමුත් කරුණාරත්න, අවිශ්ක ප්‍රනාන්දු, නිපුන් ධනංජය, හේෂාන් ධනුෂ්ක, චරිත් අසලංක, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, අශේන් බණ්ඩාර, මනෝජ් සරත්චන්ද්‍ර, රොෂේන් සිල්වා, ලකිත මුණසිංහ, කවිඳු නදීෂාන්, ඉසිත විජේසුන්දර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, නිසල තාරක, කලන පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක.

ජැෆ්නා කණ්ඩායම ධනංජය ද සිල්වා – ( නායක), සදීර සමරවික්‍රම, නිෂාන් මධුෂ්ක, නවෝද් පරණවිතාන, සුකිත මනෝජ්, කසුන් අබේරත්න, ජනිත් ලියනගේ, මාධව වර්ණපුර, අවිශ්ක තරින්ඳු, ළහිරු මධුශංක, රවිඳු ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, ශිරාන් ප්‍රනාන්දු, කවිඳු පතිරගේ, එෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, දිලුම් සුදීර, සංජුල බණ්ඩාර, ශෂික දුල්ෂාන්.

කැන්ඩි කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල – (නායක), චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක, ලසිත් කෲස්පුල්ලේ, කසුන් අධිකාරි, තනුක දාබරේ, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, අහන් වික්‍රමසිංහ, රවීන් යසස්, සහන් ආරච්චිගේ, ළහිරු කුමාර, අම්ෂි ද සිල්වා, නිම්සර අතරගල්ලගේ, මතීෂ පතිරණ, නිපුන් රංසික, ලසිත ඇඹුල්දෙණිය, අශේන් ඩැනියල්, වනුජ සහන්, සචිත්‍ර පෙරේරා.

ගෝල් කණ්ඩායම – රමේෂ් මෙන්ඩිස් – (නායක) සංගීත් කුරේ, හෂාන් දුමිඳු, ලක්ෂාන් එදිරිසිංහ, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, තුලින ඩිල්ෂාන්, විෂාද් රංදික, පී. එම්. කුමාර, ධනංජය ලක්ෂාන්, කවිශ්ක අංජුල, දුනිත් වෙල්ලාලගේ, නිමේෂ් විමුක්ති, සුමින්ද ලක්ෂාන්, ඩිල්ෂාන් මධුශංක, තිලංග උදේෂාන්, මිලාන් රත්නායක, අසංක මනෝජ්, ප්‍රවීන් ජයවික්‍රම, කෞමාල් නානායක්කාර.

දඹුල්ල කණ්ඩායම කමිඳු මෙන්ඩිස් – (නායක), මිනෝද් භානුක, සහන් නිමේෂ්, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, ගයාන් මනීෂාන්, අභිෂේක් ලියනාරච්චි, දිලාන් ජයලත්, ලසිත් අබේරත්න, අශාන් ප්‍රියන්ජන්, වනිඳු හසරංග, ළහිරු සමරකෝන්, චමින්ද විජේසිංහ, සනෝජ් දර්ෂික, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, අනුක් ප්‍රනාන්දු, දුවිඳු තිලකරත්න, ලක්ෂාන් සඳකැන්, මලින්ද පුෂ්පකුමාර, දුෂාන් හේමන්ත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment