ක්‍රීඩාව ගොඩ දාන්න ලෝක ශූරයාට  15 දෙනකුගෙන් යුත් සංචිතයක්

742

ත්‍රිවිධ හමුදා නියෝජන තුනක්

ලෝක ශූර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ජාතික ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් පත් කිරීම ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඊයේ (10 වෙනිදා) සිදු කෙරිණි.

ක්‍රීඩාව ගොඩ දාන්න ලෝක ශූරයාට  15 දෙනකුගෙන් යුත් සංචිතයක්

සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් 15 දෙනකුගෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවට නම් කරන ලද සෙසු සාමාජික සාමාජිකාවන් අතර පැවති ජාතික ක්‍රීඩා සභාව නියෝජනය කළ සාමාජිකයෝ දෙදෙනෙක් ද වෙති.

ඒ අතරින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා නිල බලයෙන් එහි සාමාජිකත්වයට හිමිකම් කියන අතර මේජර් ජනරාල් රජිත අම්පෙමොහොට්ටි මහතා හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ජාතික ක්‍රීඩා සභාව නියෝජනය කළේය.

ජාතික ක්‍රීඩාව සභාව සඳහා ත්‍රිවිධ හමුදා නියෝජනය වන පරිදි ලුතිනන් ජනරාල් එච්. එල්. වී. එම්. ලියනගේ, එයාර් මාර්ෂල් එස්. කේ. පතිරණ, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරුද සාමාජිකයන් ලෙස නම් කරනු ලැබ ඇත.

සෙසු සාමාජිකයන් ලෙස වෛද්‍ය මයියා ගුණසේකර, හිටපු ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ, නීතිඥ අජිත් පතිරණ, සුනිල් ජයවීර, ක්‍රිෂාන්ත මෙන්ඩිස්, ලසිත ගුණරත්න, නලින්ද ඉලංගකෝන් සහ සුදත් චන්ද්‍රසේකර යන මහත්ම මහත්මීන් පත් කර ඇත. සුජානි බෝගොල්ලාගම මහත්මිය ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් ධුරයට පත්කර තිබේ.

මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සාමාජිකාවෝ සියලු දෙනා නාමල් රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් වීමත් සමග ඉල්ලා අස් වූහ.

ඒ අනුව මාස තුනකට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවති ජාතික ක්‍රීඩා සභාවට නව සාමාජික සාමාජිකාවන් පත් කිරීම ඊයේ සිදුවුණු අතර බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් එම ජාතික ක්‍රීඩා සභාව සමන්විත වේ.

ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්ය භාරයන් අතර වේ.

නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සඳහා සැලසුම් සකස් කිරීම, ක්‍රීඩකයන් වෘත්තීමය තත්ත්වයකට නංවාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී අමාත්‍යවරයා හට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම ද එම කාර්යයන් අතර වෙයි.

එමෙන්ම පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මූලික කර ගත් විශේෂ වැඩසටහන් සඳහා මග පෙන්වීමද ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන්ගේ වගකීම් අතර වේ.

ජාතික ක්‍රීඩා සභාවට පත්වීම් ලද නව සාමාජිකයන්-

අර්ජුන රණතුංග මහතා

සභාපති

ලුතිනන් ජෙනරල් එච්. එල්. වී. එම්. ලියනගේ මහතා

එයාර් මාෂල් එස්. කේ. පතිරණ මහතා

සාමාජික

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා

සාමාජික

අමල් එදිරිසූරිය මහතා

නිල සාමාජික

මේජර් ජෙනරල් රජිත අම්පේමොහොට්ටි මහතා

වෛද්‍ය මයියා ගුණසේකර මහතා

සාමාජික

ශ්‍රියානි කුලවංශ මහත්මිය

සාමාජික

නීතිඥ අජිත් පතිරණ මහතා

සාමාජික

සුනිල් ජයවීර මහතා

සාමාජික

ක්‍රිෂාන්ත මෙන්ඩිස් මහතා

සාමාජික

ලසිත ගුණරත්න මහතා

සාමාජික

නලින්ද ඉලංගකෝන් මහතා

සාමාජික

සුදත් චන්ද්‍රසේකර මහතා

සාමාජික

සුජානි බෝගෝල්ලාගම මිය

ලේකම්

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment