ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් යුපුන්ට ඩොලර් ලක්ෂයක් – ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට ද අත්සන් තබති

212

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩක යුපුන් අබේකෝන්ගේ ක්‍රීඩා කුසලතා සංවර්ධනය කර ගැනීමට සහ ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ අනාගත ආයෝජනයක් ලෙස ඩොලර් ලක්ෂයක මූල්‍ය දායකත්වයක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව කටයුතු කරන ලදී.

විශේෂයෙන්ම මලල ක්‍රීඩාව තුළ ඔහුගේ දක්ෂතා සංවර්ධනය කරගෙන, එමගින් ශ්‍රී ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක් හිමිකර ගැනීම මෙහි අරමුණයි. මෙහි දී ක්‍රීඩා අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත්, යුපුන් අබේකෝන් ක්‍රීඩකයාත් අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබන ලදී. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා එම ගිවිසුමට අත්සන් තැබූහ. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ධාවන ශූර යුපුන් අබේකෝන් මහතාගේ කළමනාකාර සංජය ගම්ලත් මහතා හා ඔහුගේ නීතිඥ රුවිනි සිල්වා මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment