ක්‍රීඩා පනත සංශෝධනය කළේ පුද්ගලයන් 22 ක් සනසන්න නොවේ

190

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරනු ලැබුවේ මෙරට මිලියන 22ක ජනතාවට මිස පුද්ගලයන් 22 දෙනකුට සාධාරණයක් කිරීමට නොවන බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මෙරට ක්‍රීඩා සංගම්වල ඇතැම් නිලධාරීන් තනතුරුවල කටයුතු කරනු ලබන්නේ දීර්ඝ කාලපරිච්ඡේදයක සිට බවත්, ඉන් ඇතැම් අය තමා ක්‍රීඩා කළ කාලයේදී ද එම තනතුරුවල රැඳී සිටි බවත් අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා පසුගියදා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක නව ක්‍රීඩා පනත පිළිබඳ උන්වහන්සේලාට කරුණු පැහැදිලි කළ අතර, පසුව මාධ්‍ය අමතමින් මේ අදහස් පළ කළේය.

ක්‍රීඩා පනතට විරෝධය පළ කරනු ලබන්නේ ක්‍රීඩා සංගම්වල තනතුරුවලින් යැපෙන පුද්ගලයන් බවත්, ක්‍රීඩකයන් මෙරටට රැගෙන එන මුදලින් නිලධාරීන් යැපීම නැවැත්වීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment