ක්ෂීරපථයේ සැරිසරන  ‘භයංකාර‘ කැරකෙන වස්තුවක්

598

* ඔස්ටේ‍්‍රලියානු විශ්වවිද්‍යාල  සිසුවෙක් අනාවරණය කරයි

 මින් පෙර දැක තිබෙන සියලූ ආකාශ වස්තූන්ගෙන් වෙනස්වන, නාඳුනන භ‍්‍රමණය වන වස්තුවක් ක්ෂීරපථයේ සැරිසරන බව නිරීක්ෂණය වී ඇතැයි ඔස්ටේ‍්‍රලියානු විද්‍යාඥයෝ පවසති.

 විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් අනාවරණය කරගන්නා ලද මෙම වස්තුව, සෑම මිනිත්තු 18කටම වරක් සම්පූර්ණ මිනිත්තුවක් තිස්සේ අධික ගුවන් විදුලි තරංග ශක්තියක් නිකුත් කරන බව නිරීක්ෂණය වී ඇත.

 විශ්වයේ රැුඳී තිබෙන ශක්තිය නිකුත් කරන වස්තූන් බොහෝදුරට ලේඛනගතව ඇත. නමුත් පර්යේෂකයන් පවසන්නේ මිනිත්තුවක් පුරාවට ස්පන්දනය වන වස්තුවක් ඉතා අසාමාන්‍ය බව ය. මෙම වස්තුව මුලින්ම සොයාගනු ලැබුවේ බටහිර ඔස්ටේ‍්‍රලියාවේ ජනශූන්‍ය කාන්තාර ප‍්‍රදේශයේ පිහිටි ‘මර්චිසන් වයිඞ්ෆීල්ඞ් ඇරේ’ ලෙස හැඳින්වෙන රේඩියෝ දුරේක්ෂ ව්‍යාපෘතිය හා කටයුතු කළ සිසුවෙකු විසිනි. කර්ටින් විශ්වවිද්‍යාලයයේ ගෞරව උපාධි ශිෂ්‍ය ටිරෝන් ඕ‘ඩොහර්ටි, දුරේක්ෂයක් සහ ඔහු විසින් වැඩිදියුණු කෙරුණු නව ශිල්පක‍්‍රමයක් හරහා මෙය නිරීක්ෂණය කොට තිබුණි. ඕ‘ඩොහර්ටි, කර්ටින් විශ්වවිද්‍යාලය සම්බන්ධ රේඩියෝ තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICRAR) තාරකා භෞතිකවිද්‍යාඥ ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් මෙහෙයවන කණ්ඩායමක සාමාජිකයෙකි.

 ‘‘අපගේ නිරීක්ෂණ කටයුතු සිදුවන අතරේ, පැය කීපයක කාලයක් තිස්සේ එය පෙනෙමින් අතුරුදන් වෙමින් පැවතුනා,” මෙම සොයාගැනීම මාධ්‍යයට නිකුත්කෙරුණු ICRAR නිවේදනයක ඇය සඳහන් කර තිබිණි.” එය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත දෙයක්. එය තාරකා විද්‍යාඥයෙකුට නම් යම් ආකාරයක බියක් ගෙන දෙන දෙයක්. මොකද මෙවැනි හැසිරීමක් පෙන්නන ආකාශ වස්තුවක් ගැන කිසිවක් අපි මින්පෙර දැන සිටියේ නැහැ.”

advertistmentadvertistment
advertistmentadvertistment