ක්ෂුද්‍ර පෝෂක සහ ඔමේගා 3 හා 6 අත්‍යාවශ්‍ය මේද වලින් අනූන නව ඇස්ට‍්‍රා ඇක්ටිව්

334

ශ‍්‍රී ලාංකික දරුවන්ගේ ප‍්‍රියතම තේරීම ලෙසින් සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින් පසුගියදා Upfield Sri Lanka සමාගම ඇස්ට‍්‍රා ඇක්ටිව් හඳුන්වාදීමේ වැඩසටහන පවත්වන ලදී.

ඒ සදහා කාලෝචිත සමූහ සාකච්ඡාවක් පැවති අතර ශ‍්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ළමාරෝග විශේෂඥ සහ නවජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආර්. එම්. සුරන්ත පෙරේරා, ලියාපදිංචි පෝෂණවේදී, Dietplan LK ආයතනයේ පෝෂණවේදී, ජාතික පාපන්දු සංචිතයේ හිටපු පෝෂණවේදිනී, නිලේෂා දහනායක, සංගීතවේදිනියක්, කලා ශිල්පිණියක් සහ මවක් වන නදිනි පේ‍්‍රමදාස සහ Upfield Lanka සමාගමේ ජාත්‍යන්තර අලෙවි කළමනාකාරිනී (AMEA Asia Middle East Africa ANZ කලාප සදහා BlueBand) ශෙහානි ලියනගේ යන යන මහත්ම මහත්මීහු එම සාකච්ඡාවට එක් වූහ.

ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි ක‍්‍රියාකාරිත්වයට අවශ්‍ය විටමින් A, D. B6, B9 සහ B12 ඇතුළු නිවැරදි ක්ෂුද්‍රපෝෂක පිළිබඳ විශේෂඥ උපදෙස් සහ අදහස් මෙම සමූහ සාකච්ඡාවේදී කතාබහට ලක් විය. මෙම පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත එළවළු, පළතුරු සහ කොළ වර්ග වැනි ආහාර වර්ග පිළිබදව සහ එවැනි පෝෂ්‍යදායී ආහාර කුඩා දරුවන්ට කෑමට දීම කොතරම් දුෂ්කරද යන කරුණු කාරණා එහිදී සාකච්ඡාවට බඳුන් විය.

එහිදී සාකච්ඡා කෙරුණු තවත් වැදගත් කාරණයක් නම් දරුවන්ගේ වර්ධනය සහ සංවර්ධනයයි. වර්ධනය යනුවෙන් දෙමාපියන්ගේ අපේක්ෂාව ශාරීරික වර්ධනය පමණක් නොව, මානසික සහ බුද්ධි වර්ධනයද ඊට ඇතුළත් වේ. එය සාර්ථක කරගැනීම සඳහා නිසි පෝෂණය ලැබීම ඉතා වැදගත් වේ. දරුවන්ගේ පරිපූර්ණ වර්ධනය උදෙසා ඔමේගා 3 සහ 6 යන අත්‍යාවශ්‍ය මේද අම්ල ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කෙසේවෙතත් මෙම මේද අම්ල නිපදවීමේ හැකියාවක් අපගේ ශරීරයට නොමැති බැවින් ඒවා අන්තර්ගත ආහාර අප ලබාගත යුතු වේ. ඔමේගා 3 මේද අම්ල මත්ස්‍ය තෙල් වැනි ආහාර වල අන්තර්ගත වන අතර සූරියකාන්ත, කැනෝලා, හණ ඇට (linseed) සහ එවැනි ශාක මත පදනම් ඇට සහ තෙල් වර්ගවල ඔමේගා 6 අන්තර්ගත වේ.

විශේෂයෙන්ම දරුවන් කැමති ආහාර වර්ග ඉතා සීමිත බැවින් මෙම පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත ආහාර නිවැරදි ප‍්‍රමාණයෙන් දිනපතා ලබාදීම අභියෝගයක්ව පවතී. මෙම අත්‍යාවශ්‍ය මේද සහ ක්ෂුද්‍රපෝෂක සියල්ල එකට කැටි කරගත රසවත් මේද තැවරුමක් ලෙස නිෂ්පාදනය වන ඇස්ට‍්‍රා ඇක්ටිව් දරුවන්ට අපහසුවකින් තොරව ලබාදිය හැකි වන බැවින් එය දෙමාපියන්ගේ හොඳම මිතුරා බවට පත්වීම නොඅනුමානය.

advertistmentadvertistment
advertistmentadvertistment