කාගිල්ස් ගමෙන් ගෙදරට 14 වන වැඩසටහන පවත්වයි

59

කාගිල්ස් ගමෙන් ගෙදරට වැඩසටහන යනු රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SME’s) විශාල පාරිභෝගික ජාලයක් සමඟ සම්බන්ධ වීමට අවස්ථා උදාකරමින් ඔවුනට අත්වැල් සපයන වැඩසටහනකි.

ශ්‍රී ලංකාව පුරා ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාව සමඟ අඛණ්ඩව කටයුතු කරමින් ඔවුන් නඟාසිටුවීමට නිරතුරුවම අයෝජනයන් සිදු කරනු ලබන කාගිල්ස් සමාගම විසින් පැවති වසංගත තත්ත්වයෙන් පසු වෙළඳපළ ප්‍රවේශය අහිමි වී ගිය මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන අළෙවි කිරීම සඳහා වේදිකාවක් තනා දීමේ අරමුණින් 2020 සැප්තැම්බර් මස මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

14 වන කාගිල්ස් ගමෙන් ගෙදරට වැඩසටහන ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ආහාර සහ හස්ත කර්මාන්ත ඇතුළත් සිත් ඇදගන්නාසුලු‍ වෙළඳ කුටි රැසක් සමඟින් 2022 ඔක්තෝම්බර් 1 සහ 2 යන දිනයන්හි කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා සහභාගී වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අතර මොණරාගල බිබිල ප්‍රදේශයේ තරුණ ව්‍යවසායකයෙක් වන සසිඳු තත්සර ද විය. ඔහු විසින් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට අපහසු පිරිස් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සැපයීමේ අරමුණින් මනුස්සකම නමින් හැඳින්වෙන ජල පෙරහන පද්ධතියක් සහනදායි මිලකට අලෙවි කරනු ලැබීය. සසිඳුගේ මෙම නව නිෂ්පාදනය බිහිවීම සඳහා පිරිසිදු පානීය ජලය සොයා ගැනීමට බිබිල ප්‍රදේශයේ මිනිසුන් මුහුණ දෙන දුෂ්කරතාවන් මූලික වී ඇත. මහනුවර අසංක ප්‍රියලාල්ගේ අත්කම් නිර්මාණද මෙම වැඩසටහනට ඇතුළත් කර තිබිණි. අසංකගේ නිර්මාණ අතර පොල් කටුවලින් තැනූ විවිධ නිෂ්පාදන පෙළක් සහ බතික් රෙදිවලින් ආවරණය කරන ලද සටහන් පොත්ද විය. මෙවර වැඩසටහන සඳහා ඉදිරිපත් වූ තවත් සුවිශේෂී ව්‍යවසායකයෙකු වූ සමන් ධම්මික ඔහුගේ Derma Care ගෘහස්ථ පිරිසිදු කිරීමේ නිෂ්පාදන පෙළ මෙම වැඩසටහන සඳහා ඉදිරිපත් කර තිබිණි. ඔහුගේ නිෂ්පාදන අතර නාන කාමර පිරිසිදුකාරක, දෑත් සේදුම්කාරක සහ ටයිල් පිරිසිදුකාරක ඇතුළත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment