කාගිල්ස් සිය සුපිරි වෙළෙඳසල් ජාලයේ ශාඛාවන්හි ලංකා අයිඕසී ඉන්ධන පිරවුම්හල් ආරම්භ කරයි

78

සටහන හා ඡායාරූප මංගලා මදුරප්පෙරුම – කැලණිය

දශක හතරකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳ සැල් ව්‍යාපාරයට නව මුහුණුවරක් එක් කළ කාගිල්ස් ( සිලෝන් ) පීඑල්සී සමූහය සිය පාරිභෝගිකයන්ට උපරිම පහසුව සලසා දෙමින් සිය ප්‍රථම ලංකා අයිඕසී ඉන්ධන අලෙවිසල වත්තල කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා පරිශ්‍රයේදී පසුගියදා විවෘත කරන ලදී.

මෙම චාරිත්‍රානුකූල සමාරම්භක උත්සවය ලංකා අයිඕසීහි කළමණාකාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ උප සභාපති (Cargills Retail සහ මානව සම්පත් කළමණාකරනය) සහ කාගිල්ස් (සිලෝන්) පීඑල්සී හි උප සභාපති, සමූහ කළමණාකාර අධ්‍යක්ෂ, කළමණාකාර අධ්‍යක්ෂ (Cargills Retail) සහ කාගිල්ස් සමූහයේ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි.

එම අවස්ථාවෙදී අදහස් දැක්වූ කාගිල්ස් (සිලෝන්) පීඑල්සී හි උප සභාපති රංජිත් පේජ් මහතා ප්‍රකාශ කර සිටියේ “අපගේ
පාරිභෝගිකයන්ට සම්පූර්ණ සුපිරි වෙළඳසල් සේවා පහසුකම් සැපයීමට වත්තල කාගිල්ස් ෆුඩ්සිටි ශාඛාවේ ලංකා අයිඕසී ඉන්ධන අලෙවි සැලක් විවෘත කිරීම පිළිබඳව අප ඉතාමත් සතුටට පත්වනවා. බහුතරයක් ලංකා අයිඕසී ඉන්ධන අලෙවිසල්වල කාගිල්ස් එක්ප්‍රෙස් ශාඛා දැනටමත් ඇති නිසා අප හා ලංකා අයිඕසී අතර ඇත්තේ දීර්ඝ කාලීන සම්බන්ධයක්. ලංකා අයිඕසී සමගින් එක්වී ඉන්ධන සිල්ලර අලෙවි ව්‍යාපාරයට එක්වීම හරහා අපගේ ඒ වටිනා බැඳීම තව දුරටත් ශක්තිමත් වෙනවා. ඒ වගේම 2023 වසරේදී රට පුරා තවත් කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා රැසකම ලංකා අයිඕසී ඉන්ධන පිරවුම් හල් ආරම්භ කිරීම හරහා අපගේ පාරිභෝගිකයන්ට සුපිරි වෙළෙඳ සලටකට එහා ගිය පහසුකම් ලබාදෙන්නට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

දිනපතා මිලියන ගණනක් වන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත හා සම්බන්ධ වෙමින් තිරසර සහ සමාජයට වගකියන ව්‍යාපාරයක් ගොඩනගමින් එන වසර 179 ක කාගිල්ස් ඉතිහාසයේ ඉන්ධන සිල්ලර අලෙවිය දක්වා තම ව්‍යාපාරය පුළුල් කිරීම තවත් සුවිශේෂී මං සලකුණකි. සුපිරි වෙළඳසල් සංකල්පය සෑම තරාතිරකම ශ්‍රී ලාංකිකයන්ට එකසේ හඳුන්වා දුන් පුරෝගාමියා කාගිල්ස් වන අතර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ටම සේවය සපයන පුද්ගලික අංශයේ එකම සුපිරි වෙළඳ සැල් ජාලය කාගිල්ස් සමූහයයි. අද වන විට කාගිල්ස් සුපිරි වෙළඳ සැල් ජාලය ශාඛා 500 කට අධික ප්‍රමාණයක් හරහා ශ්‍රී ලංකාවේ සතර කොනේම සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සිය සේවාවන් සපයයි.

advertistmentadvertistment
advertistmentadvertistment