කාගිල්ස් සිලෝන් සහ කොකාකෝලා බෙවරේජස් ආයතන ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීකරණය උදෙසා අත්වැල් බැඳගනී

201

කාගිල්ස් සිලෝන් සහ කොකාකෝලා බෙවරේජස් ආයතන ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් හවුල්කාරිත්වයක් අරඹන ලදී.

දිවයිනේ සියලූම දිස්ත‍්‍රික්ක පුරා පුළුල්ව පැතිර ඇති කාගිල්ස් සමාගම ප‍්‍රතිචක‍්‍රීකරණ ආර්ථිකයක් ගොඩනැගීමට සහ වගකීමෙන් යුතුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වූ ගමනේ තවත් අදියරක් ලෙස මෙම හවුල්කාරීත්වය සනිටුහන් වේ. එසේම, මෙම ව්‍යාපෘතිය කොකාකෝලා සමාගම 2018 දී දියත් කරන ලද ඔවුන්ගේ Give Back Life (GBL) ප්ලාස්ටික් එකතු කිරීමේ සහ ප‍්‍රතිචක‍්‍රීකරණ වැඩසටහනේ කොටසකි.

 මෙම ව්‍යාපෘතිය යටතේ යාපනය, කෑගල්ල, අනුරාධපුර, බදුල්ල, මහනුවර, කුරුණෑගල, ගාල්ල සහ ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්කවල කාගිල්ස් ෆුඞ් සිටි සුපිරි වෙළඳසැල් 44ක ප්ලාස්ටික් එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කෙරේ. ඒ අනුව, කොකාකෝලා සමාගමේ Give Back Life වැඩසටහන යටතේ දිවයින පුරා ස්ථාපිත කර ඇති 500කට අධික ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් වෙත දැන් විවිධ කාගිල්ස් ෆුඞ් සිටි සුපිරි වෙළඳසැල්වල ස්ථාපිත කර ඇති ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන 120ක් ද එක්වනු ඇත.

කාගිල්ස් ෆුඞ් කම්පැණිහි කළමනාකාර අධ්‍යක්ෂ අශෝක පීරිස් මහතා පැවසුවේ කොකා කෝලා සමග හවුල්කාරිත්වයෙන් ප්ලාස්ටික් එකතු කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම වෙනුවෙන් අරඹපු මේ වැඩසටහන ප්ලාස්ටික් අපද්‍රව්‍යවල හානිකර බලපෑම් අවම කිරීම සඳහා අපේ තවත් පියවරක් බවට පත් වෙනවා. අපගේ සැපයුම් දාම හරහා ප‍්‍රතිචක‍්‍රීකරණ ව්‍යාපාර ආකෘති ප‍්‍රවර්ධනය කරන්න අපි කැපවී සිටිනවා. ඒ සඳහා වුණු අපේ තිරසාර ඉලක්ක අතර එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම, 100% ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි, නැවත භාවිත කළ හැකි හෝ කාර්මික වශයෙන් කොම්පෝස්ට් බවට පත් කළ හැකි ඇසුරුම් භාවිතය, සහ ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම යනාදිය ඇතුළත් වෙනවා. කොකාකෝලා ආයතනය සමඟ අපි ජනතාව දැනුවත් කරමින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කරන්න ඔවුන්ව පොළඹවන්න අපි බලාපොරොත්තු වෙනවා. තිරසාර සහ වගකීම් සහගතව ව්‍යාපාර කටයුතු කරගෙන යන්න කාගිල්ස් ආයතනය අඛණ්ඩ කැපවීමෙන් කටයුතු කරනවා. අපේ පරමාර්ථය තමයි, අද දින වගකීමෙන් යුතුව වැඩ කරලා, හෙට දිනය වෙනුවෙන් ධනාත්මක බලපෑමක් ඇති කිරීම සහ ඒ හරහා ඉදිරි පරම්පරාවන්ට ආරක්ෂිත ලෝකයක් සහතික කිරීමයි, කියායි.

advertistmentadvertistment
advertistmentadvertistment