කාගිල්ස් ෆුඩ්සිටි 38 වසරක අභිමානය

138

කාගිල්ස් ෆුඞ්සිටි ආරම්භයේ සිටම ක‍්‍රියාත්මක වී ඇත්තේ සිය පාරිභෝගිකයින් හට අඩුම මිලට වැඩිම වටිනාකමක් ලබා දෙන අතරේ ගොවීන්ට සහ සුළු පරිමාණ ව්‍යාපාරකයන්ට වෙළඳපොළක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමිනි. සුපිරි වෙළඳසැල් අත්දැකීම ඉහළ පැළැන්තියට පමණක් සීමා වූ කාල වකවානුවක් වන 1983 වසරේ සිය මෙහෙයුම් ආරම්භ කළ ෆුඞ්සිටි වෙළඳසැල් ජාලය සමස්ත මහජනතාවට මෙම අත්දැකීම සමීප කරදීමේ පුරෝගාමියා බවට පත් වුණි.

ආරම්භයේ පටන්ම ෆුඞ්සිටි හි අරමුණ වූයේ වූයේ සිය පාරිභෝගිකයන්ගේ ජීවන වියදම අඩු කිරීමය. මෙම අරමුණ ඉටු කිරීම වෙනුවෙන් විවිධ වැදගත් ආයෝජනයන් සිදු කර ඇති අතර මේ වනවිට සමාගම සතුව ශ‍්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක 25 තුළ ක‍්‍රියාත්මක වන ශාඛා 471 පවතී. පළමු ශාඛාව 1983 දී ස්ටේප්ල්ස් මාවතේදීද, 100 වන ශාඛාව 2007 දී කළුතරදීද, 200 වන ශාඛාව 2013 දී පිළියන්දලදී ද, 300 වන ශාඛාව 2016 දී ඇල්පිටියේදීද, 400 වන ශාඛාව 2019 වත්තලදී ද විවෘත කරන ලදී.

කාගිල්ස් සිය වෙළඳාම් ජාලය අංශ තුනක් කරා යොමු කර ඇත. ඒවා නම් ෆුඞ්සිටි සුපිරි වෙළඳසැල්, කාගිල්ස් එක්ස්ප‍්‍රස් වෙළඳසැල් සහ කාගිල්ස් ෆුඞ්හෝල් වෙළඳසැල් ය. එසේම ඉහළ යන ඔන්ලයින් ඉල්ලූමට සරිලන්නට කාගිල්ස් ඔන්ලයින් ආරම්භ කරනු ලැබුවේ 2020 දීය. අද වනවිට ෆුඞ්සිටි රටේ සුපතල නාමයක් බවට පත්වී ඇත්තේ විශ්වසනීය ප‍්‍රමිතිය, දිවයින පුරා හැමතැන ව්‍යාප්තව තිබීම, පහසුව සහ අඩුම මිල වෙනුවෙන් දැරූ විශ්වාසය නිසාවෙනි. අදවන විට ෆුඞ්සිටි හි අඩුම මිල සහතිකය දිවයින පුරා මිලගණන් සම්බන්ධයෙන් මිනුම් ලකුණක් බවට පත්ව ඇත.

හඟුරන්කෙත ප‍්‍රදේශයේ ගොවි ප‍්‍රජාව මුහුණ දෙන අභියෝගවලට සවන් දීම සඳහා සමාගමේ නිලධාරීන් 1999 වසර 4දී කළ සංචාරයකින් පසුව දේශීය ගොවීන් සහ සුපිරි වෙළෙඳසැල් ජාලය අතර සෘජු සම්බන්ධතා ඇරඹුණි. එතැන් සිට කාගිල්ස් ෆුඞ්සිටි විසින් විවිධ සේවාවන් හඳුන්වාදෙමින් කෘෂි ව්‍යාපෘති හරහා ගොවියන්ව සවිගන්වමින් සිටින්නේ ශ‍්‍රී ලංකාවේ විශාලතම පලතුරු සහ එළවළු එකතුකරන්නා බවට පත් වෙමිනි.

රටපුරා පැතිර ඇති එකතු කිරීමේ ම්‍යස්ථාන 11 කින් එකතු කරගන්නා නැවුම් අස්වැන්න පැය 24 ක් ඇතුළත ෆුඞ්සිටි ශාඛාවලට බෙදා හැරිමේ ජාතික එළවළු සහ පලතුරු අස්වැන්නෙන් 2කට වඩා වැඩි ප‍්‍රමාණයක් කාගිල්ස් ෆුඞ්සිටි සුපිරි වෙළඳසැල්වල අලෙවි වේ. සෑම දිනකම කාගිල්ස් විසින් නැවුම් අස්වැන්න මෙටි‍්‍රක් ටොන් 120 ක් පමණ එකතු කරනු ලබයි.

දේශීය ගොවි ප‍්‍රජාවට සවිමත් වෙළඳපොළක් නිර්මාණය කිරීමට අමතරව සමාගම විසින් කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීමටද සැළකිය යුතු ආයෝජනයන් සිදු කර ඇත. සිය කෘෂි නවීකරණ ව්‍යාපෘතිය හරහා කාගිල්ස් ෆුඞ්සිටි යහපත් කෘෂි පිළිවෙත් හඳුන්වා දෙමින් ගොවියන්ට වැඩි ඵලදාවක් සහ වැඩි ආදායමක් පමණක් නොව වඩාත් සෞඛ්‍යාරක්ෂිත යහපත් පෝෂණය සපිරි අස්වැන්නක් නෙළා ගන්නට මග පෙන්වයි.

සමාගම ගොවීන්ට පුහුණු වැඩසටහන් සැපයීම සඳහා ද ආයෝජනය කරන අතර මේ යටතට ජාත්‍යන්තර යහපත් කෘෂි පිළිවෙත් පිළිබඳවද ඔවුන් දැනුවත් කරන්නේ ඒවා සජීවීව අත්විඳීමට පවා අවස්ථාව උදා කරදෙමිනි. කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ වැදගත්ම ප‍්‍රතිඵලයක් ලෙස කාගිල්ස් ෆුඞ්සිටි හි අලෙවි කෙරෙනා ‘ගුඞ් හාවස්ට්’ හැදින්විය හැකිය. මේවා වගා කරනු ලබන්නේ GAP සහතිකය (යහපත් කෘෂි පිළිවෙත්) ලැබූ ගොවියන් විසිනි. එසේම BeeSafe නාමය යටතේ කාගිල්ස් හි 100% ක් කෘෂි රසායනවලින් තොර නැවුම් අස්වැන්න මිලදී ගැනීමේ හැකියාවද පවතී.

එසේම කාගිල්ස් සිය ගොවි ප‍්‍රජාවගේ පවුල් වලටද සහයෝගය ලබාදෙන්නේ එම දරු දැරියන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ ලැප්ටොප් සපයන අරමුදලක් හරහාය. එසේම ගොවීන්ව අස්වැන්න පාලූවීමෙන් ඇතිවන අලාභයෙන් ආරක්ෂා කිරීමට ණය රක්ෂණ වැඩසටහනක්ද මේ වන විට හඳුන්වා දී ඇත.

කාගිල්ස් හි වෙළඳ ජාලය දිවයිනේ විවිධ පළාත්වල සංවර්ධනයට රුකුළක් වන්නේ විශාල වෙළඳපොළක් නිර්මාණය කිරීමට නිරන්තර ආයෝජනයන් සපයමින් සහ දේශීය ගොවීන්ගේ සහ ව්‍යවසායකයින්ගේ ඉල්ලූම වැඩි කරමින් ඔවුන්ගේ ජීවනෝපායට සහය වෙමිනි. එසේම තරුණ තරුණියන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතික සහ පුහුණු වැඩසටහන් සපයන Albert A. Page Institute තවත් වැදගත් වෘත්තීය අවස්ථා සපයන කාගිල්ස් ව්‍යාපෘතියක් වේ. සියලූම සබඳකරුවන්ගේ සහයෝගයෙන් සහ දායකත්වයෙන් ශක්තිමත්ව සිටිනා සමාගම සිය ප‍්‍රවේශයන් තවත් පුළුල් කරමින් තම පාරිභෝගිකයන් සමඟ වඩාත් සමීප වීමට උත්සහ දරන්නේ ගෙවන මුදලට වැඩි වටිනාකමක් සහ පෝෂණයක් නිරන්තරයෙන් ඔවුන්ට සපයන්නට තවදුරටත් කැප වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment