කාගිල්ස් ෆුඩ්සිටි  500 වැනි ශාඛාව විවෘත කරයි

328

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් 500 වැනි කාගිල්ස් ෆුඩ්සිටි ශාඛාව විවෘත කළ අයුරු. එම අවස්ථාවට එක්වූ කාගිල්ස් සමූහයේ උප සභාපති රංජිත් පේජ් මහතාද ඡායාරූපයෙන් දැක්වේ.

ශ්‍රී ලාංකීය අභිමානවත් දේශීය සන්නාමයක් ලෙස තම 500 වන ශාඛාව විවෘත කිරීමත් සමග සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය.

කාගිල්ස් ෆුඩ්සිටි  500 වැනි ශාඛාව විවෘත කරයි

සිය 39 වසරක සාඩම්බර සහ වේගවත් ගමනේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සුපිරි වෙළඳසැල් ජාලය වන කාගිල්ස් ෆුඩ්සිටි දිවයිනේ සුපිරි වෙළඳසැල් ව්‍යාපාරයේ වර්ධනය වෙනුවෙන්ද දායක වී ඇත්තේ එහි ශාඛාවන් වටා හතු පිපෙන්නාක් සේ මතුවන වෙනත් ව්‍යාපාරයන් සහ දේපළ වෙළඳාම් සංවර්ධන කටයුතු සමග දිවයිනේ සුපිරි වෙළඳසැල් දියුණුව වෙනුවෙන්ද දායක වී ඇත- සිය තත්වයන් නිරන්තරයෙන්ම ජාත්‍යන්තර සුපිරි වෙළඳසැල් ජාලයන්හි තත්වයන් හා සසඳමින් දේශීය සුපිරි වෙළඳසැල් සඳහා ඉහළ තත්ව සහතිකයන් සළකුණු කළ කාගිල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළඳසැල් අංශයට වැඩි ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමටද සමත් වුණි. ශ්‍රී ලංකාවේ පිළිගත්, සාර්ථක නාමයක් වීමට අමතරව කාගිල්ස් ෆුඩ්සිටි රටේ ආර්ථිකය සහ දේශීය ප්‍රජාව මතද ඵලදායී සහ තිරසාර බලපෑමක් ඇති කර ඇත. කාගිල්ස් ෆුඩ්සිටි, සිය මූලික වටිනාකම් වලින් මතුවන වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට කැප වී ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීමට නිරන්තරයෙන් කටයුතු කරයි. දිස්ත්‍රික්ක 25 ආවරණය කරමින්, නාගරීකරණයෙන් ඔබ්බට ශ්‍රී ලාංකිකයන්ට සුපිරි වෙළඳසැල් අත්දැකීමක් හඳුන්වා දුන්නේය. 2004 වසරේදී වව්නියාව කාගිල්ස් ෆුඩ්සිටි ආරම්භ කර දකුණේ සිට උතුරටත් ඇතුළු වූ පළමු සමාගම කාගිල්ස්ය.

වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ නැගෙනහිරටත් ගමන් කළ කාගිල්ස් 2007 වසරේදී ත්‍රිකුණාමලයේ කාගිල්ස් ෆුඩ්සිටි එක්ස්ප්‍රස් සේවාවක්ද පිහිටුවන ලද්දේ යුධ වාතාවරණයක් මධ්‍යයේය. අද වනවිට උතුරු නැගෙනහිර ක්‍රියාත්මක එකම සුපිරි වෙළඳසැල මෙයයි. නොනැවතී වර්ධනය වන ජාලයත් සමඟ කාගිල්ස් ෆුඩ්සිටි දැවැන්ත රැකියා සපයන්නෙක් ලෙස හැඳින්විය හැකිය. 2019 වසරේ ඔක්තෝබර් මස ශාඛා 400 ක් පැවති කාගිල්ස් 2022 වනවිට 500 වන ශාඛාව විවෘත කිරීමත් සමඟ නව ශාඛා 100 ක් තම ජාලයට එක් කරගැනීමට සමත් වී ඇත. මෙම ව්‍යාප්තියත් සමඟ රට පුරා තරුණයින් දහසකට වැඩි ප්‍රමාණයකට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා සැකසී ඇති අතර රට පුරා සෑම දිස්ත්‍රික්කයකම සේවකයින්ට යහපත් ආහාර හා පෝෂණ පිළිවෙත් සම්බන්ධ අත්දැකීම් හා දැනුම සැපයීම සිදු වේ. කාගිල්ස් හි හදවත නිරන්තරයෙන්ම ගැහෙන්නේ දේශයට සේවය කිරීම සහ දේශීය ප්‍රජාව ඉහළ නැංවීම වෙනුවෙනි.

ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment