‘කාගීල්ස් ගමෙන් ගෙදරට’ ප‍්‍රදර්ශනය: මහ බැංකු විදු පියසේදී ඇරැඹෙයි

177

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම උත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ‘කාගිල්ස් ගමෙන් ගෙදරට’ ප‍්‍රදර්ශනය විවෘත කළ අයුරු සහ තවත් අවස්ථා කීපයකි.

කාගිල්ස් සමාගම සහ ශී‍්‍ර ලංකා මහබැංකුව එක්ව සංවිධානය කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පුහුණු කිරීමේ වැඩමුළුව හා ඔවුන්ගේ නිෂ්පාදන ප‍්‍රදර්ශනය ඊයේ (03දා) උදේ ශී‍්‍ර ලංකා මහබැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් රාජගිරිය මහබැංකු විදුපියසේදී ආරම්භ විය.

මහබැංකු අධිපතිවරයා එම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ‘ගමෙන් ගෙදරට’ වෙළෙඳ ප‍්‍රදර්ශනය විවෘත කළ අතර ඉන්පසු එහි වෙළෙඳ කුටි නිරීක්‍ෂණය කිරීමට ද එක්විය. ‘කාගිල්ස් ගමෙන් ගෙදරට’ වැඩසටහන හරහා කාගිල්ස් ෆුඞ්සිටිවල පාරිභෝගිකයන්ට තම නිෂ්පාදන අලෙවි කිරීමට තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාව සැලසෙන අතර ඒ අනුව කාගිල්ස් ෆුඞ් සිටි පරිශ‍්‍රයේ නොමිලේ මාසික වෙළෙඳ ප‍්‍රදර්ශනයක් ද පිරිනමා තිබේ.

‘කාගීල්ස් ගමෙන් ගෙදරට’ ප‍්‍රදර්ශනය: මහ  බැංකු විදු පියසේදී ඇරැඹෙයි

කාගිල්ස් සමාගම මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ශී‍්‍ර ලංකාවෙන් ඔබ්බට ද වෙළෙඳපොළ විවෘත කර ගැනීම සඳහා තාක්ෂණික උපදෙස් ද සපයයි. එසේම කාගිල්ස් බැංකුව ඔවුන්ගේ නිෂ්පාදනය තවත් පුළුල් කර ගැනීම සඳහා අඩු වියදම් ණය යෝජනාක‍්‍රම හරහා මූල්‍ය පහසුකම් ද සලසයි.

මෙම දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මහබැංකුවේ මූල්‍ය සාක්ෂරතා පුහුණු වැඩසටහන සමග එක්ව ඔවුන්ට පළාත් මට්ටමින් පුහුණු වැඩමුළු පැවැත්වීමට ද සැලසුම් කර ඇත. එම ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ ප‍්‍රමිතීන් සහ තාක්ෂණය ගැන අවශ්‍ය මූල්‍ය දැනුවත්භාවය සහ අවබෝධය ලබාදීම මෙම වැඩමුළු මාලාව පැවැත්වීමේ අරමුණ වී තිබේ.

රාජගිරිය ශී‍්‍ර ලංකා මහබැංකුවේ බැංකු විදු පියසේදී ඊයේ (03දා) උදේ පැවැතියේ එහි සමාරම්භක උත්සවයයි. මේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සහභාගි

වූවේය. එසේම මහබැංකු නියෝජ්‍ය අධිපතිවරුන් වන මහින්ද සිරිවර්ධන මහතා සහ ඉවට් ප‍්‍රනාන්දු මහත්මියද සහභාගි වූහ. කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරි සහ නියෝජ්‍ය සභාපති රංජිත් ජෝජ් මහතා ද මේ උත්සවයට එක්ව සිටියේය.

මෙම මූල්‍ය සාක්ෂරතා පුහුණු වැඩමුළුව සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැුසක් සහභාගි වී සිටි අතර වැඩමුළුව අමතා කාගිල්ස් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්‍ෂ සෙනරත් බණ්ඩාර මහතා සහ ශී‍්‍ර ලංකා මහබැංකුවේ ප‍්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම්. එස්. කේ. ධර්මවර්ධන මහතා ඇතුළු කිහිප දෙනෙක්ම කතා කළහ.

ඡායාරූප – සමන් රණවීර
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment