කාටිලේජ වර්ධනයට ගෙඳ කොළ, ගස්ලබු, සූදුරු

1594

කුරුණෑගල ඓතිහාසික ගැට්ටුවාන වෙද පරම්පරාවට අයත් වෛද්‍ය වසන්ත උදයජීව ගම්පහ වික‍්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරියෙකි. ඒ අනුව දේශීය සහ පාරම්පරික වෙදකම පිළිබඳ පාරම්පරික ඥානයේ උරුමය මෙන්ම විද්‍යාත්මක දැනුමේ අයිතිය ද ඔහු සතුය. ගැට්ටුවාන වෙද පරපුර ආතරයිටිස් ඇතුළු සියලූ සන්ධි රෝග සමනය පිළිබඳ ප‍්‍රසිද්ධියක් දිනූ ආයතනයකි. සිය පරම්පරාවේ සන්ධි රෝග දැනුම ඉදිරියට ගෙන යන වෛද්‍ය වසන්ත උදයජීව විවිධ සන්ධි රෝග සඳහා පාරම්පරිකව තිබෙන ඖෂධ වට්ටෝරු ද ආයුර්වේද වෛද්‍ය විද්‍යා දැනුමට අදාළ ඖෂධ වර්ග ද ඉහත සඳහන් වෛද්‍ය ක‍්‍රම ආශ‍්‍රයෙන් තමන් විසින්ම සාදන ලද ඖෂධ ද පරිහරණය කරයි. වසර විසි පහක පමණ කාලයක් තුළ සාර්ථක ලෙස ශාක සාර (ආයුර්වේද සහ දේශීය) සහ රස බෙහෙත් ආශ‍්‍රයෙන් දහස් ගණන් ජනයාගේ සන්ධි රෝග සුවපත් කළ වෛද්‍ය උදයජීව තම ක්‍ෂේත‍්‍රය තුළ මහත් ලෙස ගෞරවයට පාත‍්‍රව සිටී. ඔහුගේ බිරිය වන වෛද්‍ය රේණුකා ද අල්විස් ගම්පහ වික‍්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර කාන්තා රෝග පිළිබඳ ප‍්‍රවීණත්වයක් දරයි. චර්ම රෝග සහ ඔටිසම් රෝගය සඳහා ඇය කරන පර්යේෂණාත්මක ප‍්‍රතිකාර මගින් දහස් රෝගීන්ට සහනය ලැබී තිබේ.
 
 ප‍්‍රශ්නය – පසුගිය සති කිහිපය තුළ අප කතා කළේ ගෙවී ගිය කාටිලේජ වර්ධනයට යොදා ගන්නා ආයුර්වේද ප‍්‍රතිකාර ගැනයි.
 
 වෛද්‍ය වසන්ත උදයජීව – මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම දෙයක් කාටිලේජ වර්ධනය, ගුලි වර්ග එකක් හෝ දෙකක් හෝ කසායක් මගින් විතරක් කරන්නට බැහැ. සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස් මත ලබාගත් බෙහෙත් පන්තියක්ම මේ සඳහා වැය කළ යුතුයි.
 
 ප‍්‍රශ්නය – සමහරු කියනවා කාටිලේජයක් ගෙවුණාම, නැත්නම් තුවාල වුණාම, කිසිදු ඖෂධයක් නැතිවම සුවපත් වෙනවා කියලා. මෙය ඇත්තක්ද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව – දණහිස, වැලමිට වැනි තැන්වල තිබෙන කාටිලේජ පටක තුවාල වුණාම හෝ ගෙවී ගියාම ඖෂධවලින් තොරව නැවත වර්ධනය වීමට තිබෙන අවකාශය ඉතාම අඩුයි. එයට හේතුව එවැනි කාටිලේජවලට රුධිර සැපයුමක් තිබීමයි. එහෙත් නාසය වැනි තැන්වල තිබෙන නාස් පොල්ල වැනි කාටිලේජ කැඩුණාම ආපසු වර්ධනය වනවා. එයට හේතුව නාසයේ කාටිලේජ ෙසෙලවල තිබෙන විශේෂ ගුණයයි.
 
 ප‍්‍රශ්නය – ගෙවී ගිය හෝ හානියට පත් වූ කාටිලේජවලට ආයුර්වේද ප‍්‍රතිකාර ගන්නා අතර ආහාර වර්ගවලින් ඒ කාර්යයට සහයෝගයක් ලබාගත හැකිද?

කාටිලේජ වර්ධනයට ගෙඳ කොළ, ගස්ලබු, සූදුරු

වෛද්‍ය වසන්ත උදයජීව – සුදුලූනු, ලීක්ස් සහ ලූනු ඉතාම හොඳයි. මේ එළවළුවල ගෙන්දගම් බහුලව තිබෙනවා. සන්ධිවල හටගන්නා ප‍්‍රදාහ තත්ත්වය සහ වේදනාව නැති කරන්නට මේ එළවළුවලට පුළුවන්. වල් පැළෑටියක් ලෙස සැලකෙන ගෙඳ කොළත් ඉතාම හොඳයි. Omega 3 මේදය ගෙඳ කොළවල යහමින් තිබෙනවා. ඊට අමතරව E විටමිනයත් මෙහි බහුලව තිබෙනවා. E විටමිනයට පුළුවන් ශරීරය තුළ තිබෙන විෂ සහිත භාවය නැති කරන්නට. ඊළඟට ගනිමු සූදුරු. මෙහිත් තිබෙනවා Omega 3 මේදය යහමින්. ඊළඟට ගනිමු අන්නාසි. එහි තිබෙනවා ඊරදපැක්සබ කියනා එන්සයිමය. ඊරදපැක්සබ වලට පුළුවන් සන්ධි ප‍්‍රදාහය සහ වේදනාව නැති කරන්නට. විටමින් C විටමින් A සහ එන්සයිම බහුල ගස්ලබු ආහාරයට ගැනීමත් මෙහිදී වැදගත්. වෙළෙඳපොළේ තිබෙන බොකටු ගෝවාත් ඉතාම ගුණයි.

advertistmentadvertistment
advertistmentadvertistment