කාටිලේජ වර්ධනයට තවත් හො`ද බෙහෙතක්

2677

ප‍්‍රශ්නය – පසුගිය සති කිහිපය තුළ අප කතා කළේ ගෙවී ගිය කාටිලේජ වර්ධනයට යොදා ගන්නා ආයුර්වේද ප‍්‍රතිකාර ගැනයි.
 
වෛද්‍ය වසන්ත උදයජීව – මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම දෙයක් කාටිලේජ වර්ධනය, ගුලි වර්ග එකක් හෝ දෙකක් හෝ කසායක් මගින් විතරක් කරන්නට බැහැ. සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස් මත ලබාගත් බෙහෙත් පන්තියක්ම මේ සඳහා වැය කළ යුතුයි.
 
 ප‍්‍රශ්නය – සමහරු කියනවා කාටිලේජයක් ගෙවුණාම, නැත්නම් තුවාල වුණාම, කිසිදු ඖෂධයක් නැතිවම සුවපත් වෙනවා කියලා. මෙය ඇත්තක්ද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව – දණහිස, වැලමිට වැනි තැන්වල තිබෙන කාටිලේජ පටක තුවාල වුණාම හෝ ගෙවී ගියාම ඖෂධවලින් තොරව නැවත වර්ධනය වීමට තිබෙන අවකාශය ඉතාම අඩුයි. එයට හේතුව එවැනි කාටිලේජවලට රුධිර සැපයුමක් තිබීමයි. එහෙත් නාසය වැනි තැන්වල තිබෙන නාස් පොල්ල වැනි කාටිලේජ කැඩුණාම ආපසු වර්ධනය වනවා. එයට හේතුව නාසයේ කාටිලේජ ෙසෙලවල තිබෙන විශේෂ ගුණයයි.
 
 ප‍්‍රශ්නය – ගෙවී ගිය හෝ හානියට පත් වූ කාටිලේජවලට ආයුර්වේද ප‍්‍රතිකාර ගන්නා අතර ආහාර වර්ගවලින් ඒ කාර්යයට සහයෝගයක් ලබාගත හැකිද?
 
වෛද්‍ය වසන්ත උදයජීව – සුදුලූනු, ලීක්ස් සහ ලූනු ඉතාම හොඳයි. මේ එළවළුවල ගෙන්දගම් බහුලව තිබෙනවා. සන්ධිවල හටගන්නා ප‍්‍රදාහ තත්ත්වය සහ වේදනාව නැති කරන්නට මේ එළවළුවලට පුළුවන්. වල් පැළෑටියක් ලෙස සැලකෙන ගෙඳ කොළත් ඉතාම හොඳයි. Omega
 
 3 මේදය ගෙඳ කොළවල යහමින් තිබෙනවා. ඊට අමතරව E විටමිනයත් මෙහි බහුලව තිබෙනවා. E විටමිනයට පුළුවන් ශරීරය තුළ තිබෙන විෂ සහිත භාවය නැති කරන්නට. ඊළඟට ගනිමු සූදුරු. මෙහිත් තිබෙනවා Omega 3 මේදය යහමින්. ඊළඟට ගනිමු අන්නාසි. එහි තිබෙනවා Bromelain කියනා එන්සයිමය. Bromelain වලට පුළුවන් සන්ධි ප‍්‍රදාහය සහ වේදනාව නැති කරන්නට. විටමින් C‍ විටමින් සහ එන්සයිම බහුල ගස්ලබු ආහාරයට ගැනීමත් මෙහිදී වැදගත්. වෙළෙඳපොළේ තිබෙන බොකටු ගෝවාත් ඉතාම ගුණයි.

නොමිලේ විස්තර සඳහා
 037-2230667

sandi2
advertistmentadvertistment
advertistmentadvertistment