කාට කාටත් තිරිඟු පිටි දොර ඇරේ!

301

තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා ඕනෑම අයකුට අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

කැබිනට් අනුමැතියට අදාළව ක්‍රියාකිරීම සඳහා ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත අතර එය බොහෝ විට මේ සතිය ඇතුළත නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

වෙළඳපොළේ තිරිඟු පිටි මිල ගණන් විවිධ මට්ටමින් පැවතීම, තිරිඟු පිටි ආනයනය කිරීමට සමාගම් දෙකක ඒකාධිකාරිය පැවතීම ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන තිරිඟු පිටි ආනයනය කිරීමට විවෘත වෙළෙඳපොළට අවස්ථාව දීමට තීරණය කළ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment