කාට හරි බහුතරය ඉන්නවා නම් අරගෙන ආණ්ඩුව කරන්න – බැසිල් කියයි

311

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි කිසිවකු සිටී නම් ආණ්ඩුව භාරගෙන ඉදිරි කටයුතු කරන්න යැයි හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ දී ඊයේ (05) පැවසීය.

ඒ අනුව කැමැති අයකුට බහුතරය පෙන්වා ආණ්ඩුව භාරගෙන කටයුතු කරන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම තම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ආරාධනා කර ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතා කීවේය.

වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් එලෙස පැවසූ හිටපු ඇමැතිවරයා දැනට එවැනි බහුතර බලයක් ඇති පිරිසක් පෙනෙන්නට නැතැයි ද කීය.

පොදුජන පෙරමුණ පක්ෂයේ සටන් පාඨය ‘වෙනස්ව හිතන්න – බිය නොවන්න’ යන්න බවත් පක්ෂය ගොඩනැගුවේ එලෙස වෙනස්ව සිතා බවත් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment