කාදිනල්තුමා ඇතුළු පිරිසක් වතිකානුවට යති

120

පාස්කු ප්‍රහාරයේ අමිහිරි අත්දැකීම් පාප්වහන්සේටත් කියති

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීමේ අරමුණ ඇතිව වතිකානයේ බැසිලිකා දෙව්මැඳුරේදී පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයට සහභාගි වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රමුඛ අගතියට පත් වූ පිරිසක් පෙරේදා (21 දා) රාත්‍රියේ රෝමය බලා පිටත්ව ගියහ.

කාදිනල්තුමා ප්‍රමුඛ මෙම පිරිස අතර පාස්කු ප්‍රහාරවලින් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්, ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ කොළඹ සහායක මැක්ස්වල් සිල්වා රදගුරුතුමා ඇතුළු පියතුමන්ලා සහභාගි වී ඇත.

මේ හැර පාස්කු ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් මෙහිදී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ද නියමිතව ඇත. එම අමිහිරි සිද්ධිය ගැන ඔවුන් පාප්වහන්සේට පවා කරුණු හෙළි කරනු ඇතැයි කතෝලික සභාව කියයි.

මෙහිදී පැවත්වෙන දේවමෙහෙයට රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකික බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වනු ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment