කාදිනල්තුමා ඊයේ වතිකානයේදී පාප් වහන්සේ බැහැදක’

320

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඊයේ (28 වැනිදා* පෙරවරුවේ වතිකානුවේදී ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදැක පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ පරීක්‍ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡුා පවත්වා තිබේ.

වතිකානු නුවර ශාන්ත පීතර චතුරශ‍්‍රයේදී ඊයේ පෙරුවරු 11.00 ට මෙම හමුව සිදුව ඇත. පැයක පමණ කාලයක් කාදිනල්තුමන් සහ පාප්වහන්සේ අතර සාකච්ඡුා සිදු කෙරුණු බව ඉතාලියේ කිතුනු සිවිල් සංවිධාන ස`දහන් කරයි.

මෙම හමුවෙන් අනතුරුව මැල්කම් රංජිත් කාදිනල්තුමන් පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලමින් ජාත්‍යන්තරයට කරුණු දැක්වීම ස`දහා ජිනීවා නුවරට යෑමට නියමිත බවද ඔවුහු ස`දහන් කරති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 49 වැනි සැසිවාරය මේ වන විට ආරම්භ වී ඇති අතර එම සැසිවාර අතරතුර පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මානව හිමිකම් කොමිසම ඉදිරියේ සාමකාමී විරෝධයක යෙදීමට ද විදේශගත කිතුනු ප‍්‍රජාව සූදානමින් සිටී.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment