කාදිනල්තුමා ලබන 24 දා වතිකානයට

106

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ දැනුම්දීමක් අනුව මැල්කම් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ලබන 24 වැනිදා වතිකානය බලා පිටත්ව යන බව කතෝලික සභා ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට ඊයේ (21 දා) පැවැසීය.

කාදිනල්තුමාගේ පැමිණීම අනිවාර්ය කර ඇති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය. ලබන 27 වැනිදා කාදිනල්වරුන් පත්කිරීමේ උත්සවයට මැල්කම් රංජිත් කාදිනල්තුමා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වනු ඇති බව ද කතෝලික සභාව කියයි.

මෙම විශේෂිත උත්සවයට ලොව පුරා කාදිනල්වරුන් 120 දෙනකු සහභාගිවීමට නියමිතය.

දින තුනක් පමණ වතිකානයේ රැඳී සිටින කොළඹ අගරදගුරුතුමන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව පාප්වහන්සේ සමඟ පෞද්ගලිකව කතාබහ කරනු ඇතැයි ද පැවසේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment