කාදිනල් හිමිගේ චෝදනා පොලිසිය ප්‍රතික්ෂේප කරයි

362

අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් සත්‍යය සොයා යන සම්මන්ත්‍රණය මැයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයේදී පොලිසියට කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරමින් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර ඇති අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මේ වනවිටත් පොලිසිය මගින් අනාවරණය කරගත් කරුණු අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු 12ක් පවරමින් සැකකරුවන් 42කට අධිචෝදනා ඉදිරිපත් කර ඇති බවය.පාස්කු ඉරිදා වින්දිතයන් සඳහා වූ ගෝලීය යුක්ති සංසදය විසින් එය සංවිධානය කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment