කාන්තාවක් ඝාතනය කර යතුරුපැදියත් සමග වළලලා – ලබාගත් ණය මුදල  නොගෙවා සිටීමට

1069

සැකකාර ජෝඩුව සහ සහෝදරයා යාපනයෙන් මාට්ටු

යාපනයේ, අරියාලෙයි ප‍්‍රදේශයේදී කාන්තාවක් මරා දමා ඇය ගමන්කළ යතුරුපැදිය සමග වළලා තිබියදී පොලිසිය විසින් ඉකුත් 09 දා සොයාගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ බව කියන තුන්දෙනකු පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර එම තුන්දෙනා ස්වාමි පුරුෂයකු, බිරිඳක් හා බිරිඳගේ සහෝදරයකු බවට හඳුණාගෙන තිබේ.

යාපනයේ මනියතෝට්ටම්, උදයනගර් ප‍්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි ප‍්‍රදීපන් ජසින්තා නමැති කාන්තාව මේ අන්දමට ඝාතනයට ලක් වී ඇති අතර ඊට හේතුව විශාල මුදලක් මෙම මියගිය කාන්තාවගෙන් සැකකාර පවුලේ උදවිය විසින් ණයට ලබාගෙන එම මුදල ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් බව පොලිසිය ප‍්‍රකාශ කරයි.

එම ණය මුදල ගෙවීම පැහැර හැරීම සඳහා අදාළ කාන්තාව මරා ඇය ගමන් කළ යතුරුපැදිය සමග වළ දමන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

මාර්තු 01 වෙනිදා යාපනය නගරයට යන බව කියමින් යතුරුපැදියෙන් ගිය කාන්තාව යළි ආපසු නොපැමිණීම නිසා ඇයගේ ස්වාමිපුරුෂයා ඒ පිළිබඳව යාපනය පොලිසියට පැමිණිලිකොට තිබූ අතර පොලිසිය එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් සිටියදී පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකින් පසුව මියගිය කාන්තාවගේ මළසිරුර යාපනයේ අරියාලෙයි ප‍්‍රදේශයේ නිවසක් පිටුපස වළලා තිබියදී ගොඩ ගැනීමට හැකි වී තිබේ.

යාපනය මහෙස්ත‍්‍රාත් ඒ. ඒ. ආනන්ද රාජා, අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ප‍්‍රනාවන් යන මහත්වරු ඉදිරියේදී අදාළ කාන්තාවගේ මළසිරුර හා ඇය භාවිත කළ බව කියන යතුරුපැදිය ගොඩගෙන ඇති යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment