කාන්තාවන්ගේ ඉහළම ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

370

දේශීය කාන්තා ක්‍රිකට් තරගාවලියන්හි ඉහළම මට්ටමේ තරගාවලිය වන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලිය හෙට (16 වැනිදා) ආරම්භ වේ.

බ්ලූස්, ග්‍රේස්, ග්‍රීන්ස් සහ රෙඩ්ස් යන කණ්ඩායම් 4 ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැත්වේ. පන්දු වාර 50 ක තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ඇත. මෙම තරගාවලිය සඳහා ජාතික තලයේ පසුවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදිනු ලබන බැවින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉහළම මට්ටමේ ජාතික තරගාවලිය ලෙසින් ද මෙම තරගාවලිය හඳුන්වනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය ලබන 25 වැනිදා බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment