කාන්තාවන් නොමැති රජයකට එරෙහිව කාබුල් නුවර උද්ඝෝෂණ

184

ඇෆ්ගනිස්ථානය පාලනය කිරීම සඳහා පිරිමින්ගෙන් පමණක් සමන්විත අන්තර්වාර රජයක් පිහිටුවීමට එරෙහිව එරට අගනුවර වන කාබුල් නගරයේ හා ඊසානදිග ඇෆ්ගනිස්ථාන බඩක්ශාන් පළාතේ කාන්තාවන් පිරිසක් විසින් විරෝධතාවයක් පවත්වා තිබේ. උද්ඝෝෂණයට සහභාගී වූ කාන්තාවන් පවසා ඇත්තේ කාන්තා ඇමැතිවරුන්ගෙන් තොර රජයක් ඔවුන් පිළිනොගන්නා බවයි.

 තලිබාන් රජයේ නිලධාරීන් විසින් උද්ඝෝෂණයට සහභාගී වූ ඇතැම් කාන්තාවන්ට පහර දී උද්ඝෝෂණයට බාධා කර තිබෙන අතර එම අවස්ථාව වාර්තා කිරීමට පැමිණි සිය මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නිලධාරීන් විසින් පහර දී ඇති බව ‘එටිලාට්‍රොස්’ ප‍්‍රවෘත්ති ආයතනය විසින් නිවේදනය කර ඇත. මෙම චෝදනාවලට පිළිතුරු ලබා දී නොමැති තලිබාන් පාලකයන් මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීම නීති විරෝධී බව ප‍්‍රකාශ කර තිබේ.

 උද්ඝෝෂණ පෙළපාලි පැවැත්වීම සඳහා රජයෙන් අවසරය ලබා ගත යුතු බව ද ඔවුන් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment