කාන්තාවන් හැඩ ගන්වමින් ඔත්තු දී රන් පවුම් 54 ක් ඇතුළු දේපළ සොරාගත් රූපලාවන්‍ය ශිල්පිනියගේ කල්ලිය කොටු

590

මඩකලපුව, අම්පාර ඇතුළු නැගෙනහිර පළාතේ මහා පරිමාණ කොල්ලකෑම්වල නිරත වූ රූපලාවන්‍ය ශිල්පිනියකු ඇතුළු තවත් සිව්දෙනෙකු කලුවංචිකුඩි පොලිසිය විසින් ඊයේ (20 දා) අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේ මඩකලපුව, කළුතාවල ප්‍රධාන මාර්ගයේ පිහිටි නිවසකින් පවුම් 54ක් සහ රුපියල් ලක්ෂ 10ක මුදලක් සොරකම් කර තිබිණි. කලුවාංචිකුඩි පොලිසිය මේ සම්බන්ධයෙන් දැඩි විමර්ශන සහ සෝදිසි කිරීම් වේගවත්කර තිබූ අතර, 2023.01.16 දින අලුයම මඩකලපුව ඔන්ටාචිමඩම් ප්‍රදේශයේදී පොලිසිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ලද තොරතුරක් මත පිරිමි පුද්ගලයන් තිදෙනකු සහ කාන්තාවක් ඇතුළුව පුද්ගලයන් 5 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු මඩකලපුව දිස්ත්‍රික්කයේ පදිංචිකරුවකු වන අතර දැනට කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි සිටී. දෙවැනි සහ තෙවැනි සැකකරුවන් එරාවුර් ප්‍රදේශයේ අය වන අතර සිව්වැනි සැකකරු කළුවාංචිකුඩි ප්‍රදේශයේ ප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ දියණියකි. පස්වැනි සැකකරු කොළඹ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයකු බවද පොලිසිය පැවැසීය. අත්අඩංගුවට ගත් කාන්තාව මනාලියන් සඳහා රූපලාවන්‍ය කරන අයෙකි. ඇය තමන් සැරසිලි කරන කාන්තාවන් වෙත කොල්ලකරුවන් යවා දේපළ සොරකම් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

භාණ්ඩ විශාල ප්‍රමාණයක් ද සොයා ගෙන තිබේ. එසේ නම්, ඇමරිකාවේ නිෂ්පාදිත තුවක්කුවක්, ඇමරිකාවේ නිෂ්පාදිත මිලිමීටර් 7.65 කාට්රිජ් 3ක්, විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක්, රාත්‍රී කොල්ලකෑම් සඳහා වන රක්ෂිත සැරයටියක්, ව්‍යාජ අංක තහඩුවක් සහිත ස්කූටර් වර්ගයේ යතුරුපැදියක්, ජංගම දුරකථන, ග්‍රෑම් 120 රන් බාර්, රන් මාලයක්, යතුර, ස්කූටර් රියදුරු ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගත් බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 2023.01.31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කලුවාංචිකුඩි පොලිස් ස්ථානාධිපති ප්‍රධානී පොලිස් පරීක්ෂක අභයවික්‍රම, කලුවංචිකුඩි පොලිස් ස්ථානයේ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක යෝයි, උප පොලිස් පරීක්ෂක රඕබ් ඇතුළු පොලිස් කණ්ඩායම එක්ව ඉතා සූක්ෂ්ම ලෙස මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මඩකලපුව – ටී. එල්. ජව්ෆර්කාන්

advertistmentadvertistment
advertistmentadvertistment