කාන්තාව කියන තැන නොසිට නීතිය අකුරටම ඉටුකරනවා

2582

ප‍්‍රධාන පොලිස් පරීක්ෂිකා කාංචනා සමරකෝන්

කාන්තාව කියන තැන සිටින්නේ නැතිව පොලිස් ස්ථානාධිපති කියන තැන සිට නීතිය අකුරටම ඉටුකරනවා යැයි ලංකාවේ දෙවන කාන්තා පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂිකා කාංචනා සමරකෝන් මහත්මිය ඉකුත් 11 වනදා විවෘත කෙරුණු නාල්ල නව පොලිස් ස්ථානයේ වැඩ භාරගනිමින් පැවසුවාය.

කාන්තාව කියන තැන නොසිට නීතිය අකුරටම ඉටුකරනවා

මම ස්ථානාධිපතිවරියක් ලෙස වැඩ බාර ගනිද්දී බොහෝදෙනෙකුගේ හිතේ චකිතයක් තිබුණ කාන්තාවක් විදිහට මේ රාජකාරිය ඉටු කරන්නේ කොහොමද කියල. මේක මට කොහොමත් ලොකු අභියෝගයක්. කාන්තාවක් කියලා තැන ඉන්නෙ නැතිව පොලිසියේ ස්ථානාධිපති තනතුරේ වැඩ කරද්දී වෙනස් විය යුතුයි. ඒ වෙනස ඒ අභියෝගය අද දවසේ මා බාර ගන්නව. ඒ වගේම මට හැකි උපරිම අයුරින් මගේ පොලිස් බල ප‍්‍රදේශය තුළ නීතිය හරි ආකාරයට ඉටු කරමින් ජනතාව පොලිසියෙන් බලාපොරොත්තු වෙන සේවය ඉෂ්ට කරනවා.

 වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment