කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ තිදෙනකුට කොරෝනා

167

සිම්බාබ්වේ දේශයේදී කි‍්‍රයාත්මක ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වී සිටින ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩිකායන් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ. එ් අනුව එම කී‍්‍රඩිකාවන් තිදෙනා හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බවට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය ඊයේ (21 වැනිදා) වාර්තා කර සිටියේය.

අයි.සී.සී.ය වාර්තා කරන ආකාරයට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් කී‍්‍රඩිකාවන් කිසිවකුට අදාළ වෛරසය ආසාදනය වී නොමැති අතර ඔවුන් සියලූ දෙනා මේ වනවිට නිරෝධයනයට ලක්කර ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඉදිරියේදී කණ්ඩායමේ සියලූම කී‍්‍රඩිකාවන් වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවද එහිදී වැඩිදුරටත් සඳහන් වේ.

ඉදිරියේදී කි‍්‍රයාතමක එක්දින ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම  පසුගියදා සිම්බාබ්වේ දේශය බලා මෙරටින් පිටත්ව ගිය අතර එහිදී ඔවුන් සහභාගි වන පළමු තරගය ලබන 23 වැනිදා නෙදර්ලන්තය සමගින් පැවැත්වීමට නියමිතව තිබේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment