කාන්තා කි‍්‍රකට් පිලට පහසු ජයක්

244

පොදුරාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ කි‍්‍රකට් තරගාවලියට සහභාගි වී සිටින ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සිය දෙවැනි ජයග‍්‍රහණය වාර්තා කිරීමට ඊයේ (20 වැනිදා) සමත්විය. එ් කෙන්යානු කණ්ඩායම කඩුලූ 9කින් පරාජයට පත්කරමිනි.

මැලේසියාවේ ක්වාලාලම්පූර් හී පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කෙන්යානු කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 87කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නීයෝ සමත්වූහ. එ් අනුව හිමි වූ ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා ඉනිමේ තවත් පන්දු 63ක් ඉතිරිව තිබියදී එක් කඩුල්ලක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රහණය ඉක්මන් කළ නායිකා චමරි අතපත්තු පන්දු 29ක් තුළදී ලකුණු 57ක් වාර්තා කළාය. ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වීම කැපී පෙනුණි. විශ්මි ගුණරත්න පන්දු 26කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 26ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියාය.

කෙන්යානු ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූ ක්වින්ටර් ආබෙල් පන්දු 53කින් ලකුණු 33ක් ලබා ගත්තාය. ඊට හතරේ පහර 5ක් ඇතුළත් විය. සාරා වෙටොටෝ පන්දු 31කින් ලකුණු 29ක් රැුස් කළාය. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර, සචිනි නිසංසලා, කවීෂා දිල්හාරි සහ චමරි අතපත්තු එක් කඩුල්ල බැගින් බිඳ දැමීය.

ලකුණු තත්ත්වය

කෙන්යානු කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 87යි

ශී‍්‍ර ලංකාව පන්දු වාර 9.3කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 88යි

advertistmentadvertistment
advertistmentadvertistment