කාන්තා ඝාතන සිද්ධියකට සැක – සජබ කෑගල්ල සංවිධායකට ඇප නෑ

83

අවිවාහක කාන්තාවක් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර ගත කර සිටි සමගි ජන  බලවේගයේ කෑගල්ල ආසන සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතා මෙම මස 30 වන දින දක්වා යළි රක්ෂිත ගත කිරීමට කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු ස්කයිප් තාක්ෂණය ඔස්සේ එදින අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සැකකරුගෙන් පසුදින එනම් 17 වන දින පරික්ෂකවරයා වෙත යැවීම සදහා කෑගල්ල රෝහලේ දී ලේ සාම්පලයක් ලබා දීමට කටයුතු කරන ලෙස ද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන ලදී. මියගිය තැනැත්තියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්ථාව අදාල නඩුවට ගොනු වී නොමැති බැවින් කෑගල්ල රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරීවරයා වෙත එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්ථාව එවන ලෙස ද නොතීසි නිකුත් කළාය. එමෙන්ම සැප්තැම්බර් මස 30 වන දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර නිළධාරීන්ට නියෝග කළාය.

මෙම මස 1 වන දින කෑගල්ල කලුගල්ල මාවතේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලය තුළ දී එහි සේවය කළ කෑගල්ල, හබුදුගල පදිංචි අහන්ගම විදානේ ආරච්චිලාගේ සකුත්තලා වීරසිංහ (38) යන අයගේ මරණය සම්බන්ධයෙන් සැකකරු මෙසේ බන්ධනාගාර ගත කර ඇත. සැකකරු වෙනුවෙන් රංජිත් සේනාධීර, තේමිය ජයසේන, ශ්‍රී ලාල් දයානන්ද යන මහත්වරු පෙනී සිටියහ.

වසන්ත සමරවර්ධන බුලත්කොහුපිටිය
 

advertistmentadvertistment
advertistmentadvertistment