කාන්තා මුහුදු වෙරළ යෝජනාව බංග්ලාදේශ බලධාරීහු හකුලා ගනිති

189

දැඩි මතධාරී ඉස්ලාමීය මූලධර්මවාදීන්ගේ විරෝධතාවය හේතුවෙන් කාන්තාවන්ට පමණක් සීමා වූ මුහුදු වෙරළ තීරයක් විවෘත කිරීමට ගෙන ඇති තීරණයක් අකුලා ගැනීමට බංග්ලාදේශ රජය විසින් පියවර ගෙන තිබේ.

‘කොක්ස් බසාර්’ යනුවෙන් හැඳින්වෙන කාන්තාවන් හා ළමුන්ට පමණක් ඇතුළු විය හැකි මීටර් 150ක පමණ වෙරළ තීරයක් පෙරේදා (30දා) දිනයේ විවෘත කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබුණද ඒ සම්බන්ධයෙන් මූලධර්මවාදීන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් එදිනම සවස එය අත්හිටුවීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

අදාළ වෙරළ තීරය විවෘත කිරීමට පියවර ගෙන තිබුණේ බංග්ලාදේශ කාන්තාවන් අධික පිරිසක් වෙසෙන මුහුදු වෙරළකට යෑමට ලැජ්ජා වීම හේතුවෙන් ඔවුන් සඳහා වෙනම වෙරළ තීරයක් වෙන් කරන ලෙසට කාන්තාවන් විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment