කාන්තා වෙස් අරන් නිවෙස් සුද්ද කළ සැකකරු අත්අඩංගුවට

523

කාන්තාවකට සමානව දිගු කොණ්ඩයක් වවාගෙන, සාරියක් ඇඳ පාළු නිවෙස්වලට ඇතුළුව භාණ්ඩ සොරකම් කළ පුද්ගලයකු ඊයේ (26 දා) අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර පොලිසිය සමත්ව ඇත.

උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ විසින් සැකකරු අත්අඩංගුවට ගෙන, සොරකම් කළ රයිස් කුකර්, වතුර මෝටර්, බෆල්, පිත්තල මල්වාස් සහ පිගන් කෝප්ප ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබේ. කාන්තාවක ලෙසින් සැරසී පාළු නිවෙස්වලට ඇතුළුවන විට අසල්වාසීන්ද සැක නොසිතන බවට සැකකරුගේ ප්‍රකාශ අනුව හෙළිව ඇති බවත්, ඒ සඳහා යොදාගත් සාරි 7 ක්ද සොයාගෙන ඇති බව පොලිසිය කියයි. කළුතර

ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ස්ථානාධිපති ප්‍ර.පො.ප. දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. රාජිත ගුරුසිංහ, සැරයන් බී. ඒ. මනෝජ් (5738), පො.කො. තිලකරත්න (94014) වැටලීමට එක්වූහ.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment