කාන්තා සහ ළමා හිංසන නම් කතා කරන්න

1342

ළමුන්ට සහ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ළමා ආරක්‍ෂක අධිකාරිය හා කාන්තා කාර්යාංශය විසින් ක්‍ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

මේ යටතේ ළමුන් මුහුණ දෙන ගැටලු 1929 අංකයට පැය 24 පුරාවට ඉදිරිපත් කළ හැකි බවත්, කාන්තාවන් සම්බන්ධ පැමිණිලි 1938 යන අංකයට රාජකාරි දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 5.15 දක්වා ඉදිරිපත් කළ හැකි බවත් විෂය භාර රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය ‘දිවයින’ට ඊයේ (16 දා) සඳහන් කළාය.

ළමුන් පිළිබඳ වන පැමිණිලි, සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කළ හැකි බව ද රාජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

සුජීව තත්සර

සතොස පරිප්පු – ටින් මාළු හා රතු කැකුළු මිල අඩු කරයි

advertistmentadvertistment
advertistmentadvertistment