කාන්තා හොකී ලෝක ශූරතාව නෙදර්ලන්තයට

162

පිට පිටම තෙවන වතාවටත් ලෝක කාන්තා හොකී ශූරතාව දිනා ගැනීම සඳහා තරග වැදුණු නෙදර්ලන්තය නියෝජනය කළ ක්‍රීඩිකාවෝ එම අභියෝගය සාර්ථකව මුදුන් පත් කර ගත්තෝය.

2014 සහ 2018 දෙවතාවේ දී ශූරතාව දිනා ගනිමින් කැපී පෙනුණු නෙදර්ලන්තය මෙවර තරගාවලියේ දී ද තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීම විශේෂත්වයකි.

මෙවර තීරණාත්මක අවසන් තරගයේ දී ප්‍රතිවාදී ආර්ජන්ටිනාව ගෝල් 03 – 01 ක් ලෙස පරාජය කිරීමට නෙදර්ලන්තයට හැකියාව ලැබිණි.

ජර්මනිය ගෝල් 02 – 01 ක් ලෙස පරාජය කළ ඔස්ටේ්‍රලියාවට ලෝකඩ පදක්කම හිමි විය.

අවසන් පූර්ව වටයේ දී නෙදර්ලන්තය හමුවේ ඔස්ටේ්‍රලියාව ද ආර්ජන්ටිනාව හමුවේ ජර්මනිය ද පරාජය විය.

මෙවර නිමාවත් සමගින් ලෝක කුසලාන කාන්තා හොකී තරග ඉතිහාසයේ නෙදර්ලන්තය 09 (1974,1978,1983,1986,1990, 2006, 2014, 2018 සහ 2022) වතාවක් ද ජර්මනිය 02 (1976. 1981) වතාවක් ද ශූරතාව තහවුරු කරගෙන ඇති අතර ඔස්ටේ්‍රලියාව (1994 සහ 1998) සහ ආර්ජන්ටිනාව (2002 සහ 2010 ) දිනා ගෙන ඇති ශුරතා ප්‍රමාණය ද 02 බැගිනි.

2010 දී හිමි වූ 06 ස්ථානය හැරෙන්නට 1974 සිට 2018 ක්‍රියාත්මක කෙරුණු ලෝක කුසලාන තරග ඉතිහාසයෙහි රන් පදක්කම් 09 ක් රිදී පදක්කම් 04 සහ එක් ලෝකඩ පදක්කමක් ලෙස පදක්කම 14 ක්ම තම රට ඉදිරියේ සටහන් කර ගැනීමට නෙදර්ලන්තයට හැකි වීම විශේෂත්වයකි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment