කාන්තා 20-20 ලෝක කුසලාන සටන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අද අරඹයි

278

2023 පන්දු වාර 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (10 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 10.30ට තරගය ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම නායිකා චමරි අතපත්තු විසින් මෙහෙයවනු ලබන අතර සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට සුනේ ලූස් නායකත්වය ලබා දෙයි.

කාන්තා 20-20 ලෝක කුසලාන සටන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අද අරඹයි

තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගි වන අතර මූලික වටය යටතේ ශ්‍රී ලංකාව තරග හතරකට සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකාව පළමු කාණ්ඩය යටතේ තරගාවලියට මුහුණ දෙන අතර එම කාණ්ඩය යටතේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක ඉදිරි වටයට සුදුසුකම් ලබයි.

මේ දක්වා පවත්වා ඇති ලෝක කුසලාන තරගාවලි පහක ජයග්‍රහණය ඔස්‌ට්‍රේලියාව විසින් හිමිකරගෙන ඇති අතර එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් වතාව බැගින් කාන්තා ලෝක කුසලානය හිමි කරගෙන තිබේ.

ඔස්‌ට්‍රේලියාව මේ වන විට ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව අංක 8 ස්ථානයේ රැඳී සිටී.

සත්කාරක දකුණු අප්‍රිකාවට හිමිව ඇත්තේ අංක 5 ස්ථානයයි.

advertistmentadvertistment
advertistmentadvertistment