කාන්ස් උළෙලේ තව පොඩ්ඩෙන් ගුටිකෙළියක්

537

සුපිරි නළු ටොම් හැන්ක්ස් සහ ඔහුගේ බිරිය වූ රීටා විල්සන් කාන්ස් චිත්‍රපට උළෙලේ තිරගත කිරීමට සූදානම් වූ ඇස්ට්‍රොයිඩ් සිටි චිත්‍රපටයේ මංගල දර්ශනයට පැමිණෙන අවස්ථාවේ සේවකයෙක් රතු පලස එලීමට ක්‍රියාකරන අයුරු දැක දැඩි කෝපයට පත්වූහ.

කාන්ස් උළෙලේ තව පොඩ්ඩෙන් ගුටිකෙළියක්

ඔවුන් දෙදෙනා පැමිණෙන අවස්ථාවේ රතු පලස සූදානම් වී නොතිබිණි. මේ නිසා ටොම් එම සේවකයාගේ මූණට ඇනීමට සූදානම් වුවත් එම පහර දීම සිදුවූයේ නැත. මෙම අර්බුදයට ටොම්ගේ නිෂ්පාදිකා බිරිය වූ රීටා විල්සන් ද සම්බන්ධ විය. මෙම දෙදෙනාම සේවකයා සමග දැඩි වචන හුවමාරුවක යෙදුණි. එහෙත් විනාඩි 2කදී අර්බුදය නිමාවිය. ටොම් සහ රීටා සේවකයා මගහැර රතු පලස මතින් ගමන් කළහ.

මෙම සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍යයන්හි මොහොතකින් ප්‍රචාරය විය. එසේ වුවත් ටොම් සහ රීටා රතු පලසේ සිද්ධිය අමතක කළහ. 66 හැවිරිදි වියේ පසුවූ ටොම් හොලිවුඩ් ප්‍රේක්‍ෂකයන් හඳුන්වන්නේ ඉවසීමකින් කටයුතු කරන නළුවකු ලෙසිනි. එම පසුබිම මැද වැරදිකරු ටොම් නොව ශාලාවේ කටයුතු කරන සේවක පිරිසය. මෙයට පෙර පැවති කාන්ස් චිත්‍රපට උළෙලකදී නළුවෙක් නිවේදකගේ මුහුණට ඇන්නේ තම බිරියගේ කොණ්ඩය ගැන සිදු කළ ප්‍රකාශයක් නිසාය. එම පහර දීම නිසා නළුනිලියන්ගේ විනය ගැන ක්‍රියා කිරීමට කාන්ස් චිත්‍රපට කමිටුව තීරණය කරනු ලැබීය. ටොම් හැන්ක් (Tom Hank) කාන්ස් සේවකයාගේ මුහුණට ඇනීමට ක්‍රියා නොකළේ ඒ නිසා බව තහවුරුවේ. මෙම ලෝ පූජිත චිත්‍රපට උළෙලේ අවසාන දිනය මැයි 27 දායි. එදින ජය ලැබූ චිත්‍රපට ප්‍රකාශයට පත්වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment