කාන්ස් නුවරදී ත‍්‍රස්තයකු පිහියකින් ඇන්න පොලිස් නිලධාරියාගේ දිවි ගැලවෙයි

249

* ත‍්‍රස්තයාට පොලිසිය වෙඩි තබයි

 ප‍්‍රංශයේ සුප‍්‍රකට කාන්ස් නගරයේ පොලිස් රියක වැඩි වී සිටි නිලධාරියකුට ඇල්ජිරියානු ත‍්‍රස්තයකු පිහියකින් ඇන ඇත. එම නිලධාරියා ඇඳ සිටි වෙඩි නොවදින කබාය නිසා දිවි ගැලවී ඇත.

 පසුව අනික් පොලිස් නිලධාරින් එම ත‍්‍රස්තයාට වෙඩි තබා තිබේ. එම ත‍්‍රස්තයා තවත් පොලිස් නිලධාරියකුට පිහියෙන් ඇන ඇති අතර ඔහුගේ

 තත්ත්වය බරපතළ බව වාර්තා වේ. මේ අතර පොලිස් වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලත් ත‍්‍රස්තයා රෝහලට ඇතුළුකර ඇත. එම ත‍්‍රස්තයා නිහඬ කළ බව ප‍්‍රංශ පොලිසිය ප‍්‍රකාශකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment