කාබනික පොහොරෙන් වී වගා කළ ගොවීන්ගේ අස්වැන්න එතරම් අඩුවී නෑ

258

කාබනික පොහොර භාවිතයෙන් නිසි කලට වී වගා කළ ගොවීන්ගේ අස්වැන්නේ අඩුවීම අවම බවත්, කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳව රටේ පවතින දුර්මතය ඇත්තටම කනගාටුදායක බවත් ශ‍්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ භාණ්ඩාගාරික අනුරුද්ධ හේරත් මහතා පැවැසීය.

කොළඹ දී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවැසූ හෙතෙම මෙසේද කීය.

කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳව රටේ පවතින දුර්මතය ඇත්තටම කනගාටුදායකයි. අපි තමයි මේ රටේ නියම ගොවි සංවිධානය. රටේ කෘෂිකර්මාන්තය පිළිබඳ සැබෑ තත්ත්වය අපි දන්නවා. කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීමත් සමග යම් පසුබෑමක් වී ඇති බව අපි පිළිගන්නවා. නමුත් මාධ්‍ය තුළින් දකින තරම් තත්ත්වයක් නැහැ. මෙය දැන් වනවිට දේශපාලනීකරණය වෙලා. පාට කණ්ණාඩියෙන් බලන තත්ත්වයට පත්වෙලා. විපක්ෂය ඉතා නරක ලෙස වැරදි පමණක් හුවා දැක්වීමක් සිදුකරනවා. විපක්ෂයේ මෙම වැඩපිළිවෙළ ජාතික ගොවි සංවිධනය ලෙස අනුමත කරන්න බැහැ.

අද වන විට විශාල ප‍්‍රචාරයක් යනවා සම්පූර්ණයෙන් ගොවිතැන විනාශ වුණා. වන්දි දියව් කියලා. මහ කන්නයේ වී අස්වැන්නේ යම් අඩුවීමක් තිබෙනවා. විශේෂයෙන් උතුරු මැද, නැගෙනහිර, ඌව වැනි පළාත්වල විශාල හානියක් සිදුවී ඇති බව මාධ්‍යවල ආනාවරණය කෙරුණත් සත්‍ය වශයෙන්ම සියයට 30 ක පමණ අඩුවීමක් වී තිබෙන බවයි අපට තොරතුරු ලැබී තිබෙන්නේ. නිසිකලට වගා කළ අයගේ අස්වැන්නේ අඩුව අවමයි, රසායනික පොහොර ලැබෙනකන් සිට ගොවිතැන් ප‍්‍රමාදවී ආරම්භ කළ අයගේ අස්වැන්න ස්වභාවිකවම අඩුවෙලා. අස්වැන්න අඩුවීමට වැස්ස වැනි විවිධ හේතු බලපා තිබෙනවා.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment