කාබනික පොහොර බාල නම් සල්ලි ගෙවන්නේ නෑලු

71


මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර සැපයීමේ දී තත්ත්වයෙන් බාල කාබනික පොහොර යම් සමාගමක් පො‌හොර සැපයුවහොත් එවැනි සමාගම් අසාදු ලේඛන ගත කිරීමටත් ඔවුන්ට කිසිදු ගෙවීමක් නොකිරීමටත් පියවර ගන්නා බව කෘෂිකර්මල වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මහ කන්නයේ වී වගාවේ දී සියයට 30ක් කාබනික පොහොර ද සියයට 70ක් රසායනික පොහොර ද යොදා ගනිමින් වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇත. ඒ අනුව මෙවර මහ කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150,000කි. නමුත් මේ වනවිට කාබනික ‌ පොහොර නිෂ්පාදන සමාගම් සතුව පවතින පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 80,000කි.

advertistmentadvertistment
advertistmentadvertistment