කාබනික පොහොර වැඩේට විරුද්ධ ඒ එළවළු කන අයමයි

481

 කාබනික පොහොර වැඩපිළිවෙළට එරෙහිව කතා කරන බොහෝ දෙනෙක් වැඩි මිලක් ගෙවා කාබනික පොහොර යෙදූ එළවළු, පලතුරු භාවිතා කරන බවත් රසායනික පොහොර භාවිතයෙන් පීඩා විඳින ගොවීන් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වන්නේ නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මීට පෙර අවස්ථා ගණනාවකදී පැවැති ආණ්ඩු, කාබනික පොහොර වගාවට යොමුවීමට උත්සාහ කර තිබෙන බවත් එහෙත් ඒවා අසාර්ථක වීමට වූ හේතු මැනවින් අධ්‍යයනය කර නව වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
 
 ඇතැම් පිරිස් මෙය ආපස්සට යන ගමනක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරනවා. එහෙත් සමස්ත ලෝකයේම නව ප‍්‍රවණතාවයක් ලෙස ගැනෙන, කාබනික පොහොර භාවිතයට යොමුව, කෘෂි ආර්ථිකයේ නව මාවතකට රට ගෙනයනවා යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බැව් පැවසුවේ ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති ශ‍්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත‍්‍රික් ගොවි නියෝජිත හමුවේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment