කාබනික පොහොර සමාගමක් අසාදු කරයි

174


ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදනය සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී ඇත.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ අනුව දියර කාබනික පොහොර ප්ලාස්ටික් බෝතල්වල (ජල බෝතල් වැනි) ඇසුරුම් කිරීම සපුරා තහනම් කර තිබේ.
මේ නිසා එම සමාගම වහාම අසාදු ලේඛන ගත කරන ලෙසත්, එම සමාගම විසින් කාබනික පොහොර අලෙවි කර ඇත්නම් ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment