කාබුල්හි කාන්තා පාගමනක් කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි

185

තලිබාන් පාලනය යටතේ කාන්තාවන්ගේ අයිතීන් ලබා දෙන ලෙස ඉල්ලමින් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි ජනාධිපති නිල නිවස වෙත ගමන් කළ කාන්තාවන්ගේ පෙළපාලියක් කඳුළු ගෑස් හා ගම්මිරිස් දියර යොදා ගෙන විසුරුවා හැරීමට තලිබාන් පාලකයන් විසින් ඉකුත් සෙනසුරාදා (04දා * පියවර ගෙන තිබේ.

 කාබුල් නගරයේ පිහිටි පාලම අසලින් ආරම්භ වූ මෙම විරෝධතා පෙළපාලිය කඳුළු ගෑස් හා ගම්මිරිස් දියර යොදා ගෙන මර්දනය කළ බව පෙළපාලියට සහභාගි වූ කාන්තා ක‍්‍රියාකාරීන් පවසා තිබේ. එහෙත් ඇෆ්ගන් මාධ්‍ය ආයතනයක් වන ‘‘ටෝලෝ නිවුස්’’ පවසා ඇත්තේ තලිබාන් පාලකයන් විසින් පාලනයකින් තොරව ගමන් ගත් පෙළපාලිය පාලනය කළ බවකි.

 විරෝධතා පෙළපාලියට සහභාගි වූ කාන්තා ක‍්‍රියාකාරීන් විසින් ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට සේවය කිරීමේ අයිතිය ලබා දෙන ලෙසත් තලිබාන් සංවිධානය විසින් පිහිටුවීමට යන නව රජය නියෝජනය කිරීමේ අයිතිය කාන්තාවන්ටද ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපති නිවස වෙත ගමන් කර තිබේ. තලිබාන් පාලකයන් විසින් දින කිහිපයකට පෙරදී කාන්තාවන්ට පෙර පරිදි රැුකියා කිරීමට හැකියාව ඇතත් රටේ උසස් තනතුරුවලට හා කැබිනට් මණ්ඩලයට කාන්තාවන් පත් නොකරන බව ප‍්‍රකාශ කර තිබිණි. මේ අතර තලිබාන් අන්තවාදීන් විසින් රටේ පාලනය අත්පත් කරගැනීමෙන් පසු ඇෆ්ගනිස්තානයේ ක‍්‍රිකට් ඇතුළු ක‍්‍රීඩාවන්හි නිරත වූ කාන්තාවන්ගේ ආරක්ෂාව අනතුරට පත්ව ඇති බව කාන්තා සංවිධාන පවසයි. මෙම තත්ත්වය මත දැනටමත් එරට ජාතික කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් සැඟවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment