කාබුල් නගරයේ විභාග මධ්‍යස්ථානයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් 19 ක් මරුට

180

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නගරයේ බටහිර දෙසින් පිහිටි විභාග මධ්‍යස්ථානයක ඊයේ (30 දා) සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 19 දෙනකු මරණයට පත් වී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. කාබුල් නගරයේ බටහිර දෙසින් පිහිටි “ධෂ්ට් -ඊ -බාර්චි” ප්‍රදේශයේ තිබෙන කාජ් අධ්‍යාපන මධ්‍යස්ථානයේ සිදුව ඇති මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම මධ්‍යස්ථානයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබී ඇති අතර එම මධ්‍යස්ථානය සිසුන්ගෙන් පිරී තිබූ බව වාර්තා වී තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් විශාල පිරිසක් අදාළ ප්‍රදේශයේ පිහිටි රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම ඊයේ දහවල් වන විටද කිසිවකු විසින් භාර ගෙන නොතිබුණු අතර එය අයිසිස් සංවිධානය විසින් සිදු කරන්නට ඇති බව බලධාරීහු පවසති. ඇෆ්ගනිස්ථානයේ තලිබාන් පාලනය මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් අදාළ ස්ථානය වෙත යවා තිබිණි. බෝම්බ ප්‍රහාරය ඇෆ්ගනිස්ථානයේ තුන්වැනි විශාලතම වාර්ගික කණ්ඩායම වන හසාරාස් ප්‍රජාව ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව බලධාරීහු පවසති.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment