කාබුල් නුවර හැර යෑම ‘නිර්භීතයි හා නිවැරදියි’ කමලා හැරිස් කියයි

347

ඇෆ්ගනිස්තානයෙන් එක්සත් ජනපදය ඉවත්වීම ‘‘නිර්භීත හා නිවැරදි” බව ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් පවසයි.

උප ජනාධිපති කමලා හැරිස් සිය අග්නිදිග ආසියානු සංචාරයේ පළමු අදියරේදී සිංගප්පූරුවේදී කළ කතාවකදී මේ කරුණු ප‍්‍රකාශ කළ අතර එහිදී චීනයට විවේචන එල්ල කළේය. දකුණු චීන මුහුදේ වසර ගණනාවක් තිස්සේ කලාපීය අර්බුදයක් වී ඇති චීන බලහත්කාරය සහ බිය ගැන්වීම ඇමෙරිකානු උප ජනපතිනියගේ උදහසට ලක්විය.

එක්සත් ජනපදය ”තර්ජන හමුවේ අපේ සගයන් සමඟ නැගී සිටින” බව මෙහිදී ඇය පැවසුවාය. හැරිස් මහත්මියගේ සංචාරය කලාපය සඳහා එක්සත් ජනපදයේ ආධිපත්‍ය නැවත තහවුරු කිරීමේ උත්සාහයක් ලෙස සැලකේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment