කාබුල් බෝම්බයේ මහ මොළකරු ඇමෙරිකානු ඩ්‍රෝන ප‍්‍රහාරයට බිලිවෙයි

354

බ‍්‍රහස්පතින්දා පස්වරුවේ කාබුල්නුවර හමීඞ් කාර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇබේ දොරටුව අසළ පුපුරා ගිය මරාගෙන මැරෙන ප‍්‍රහාරය නිසා පුද්ගලයන් 170 ක් මියගිය අතර එම ප‍්‍රහාරය නිසා දෙදරා ගියේ කාබුල් ගුවන්තොටුපළ පමණක්ම නොවේ. ලොව බලවත්ම නායකයා වෙසෙන ධවල මන්දිරයද අයිසිස් කෝරසාන් කල්ලිය මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් සලිත විය.

පෙන්ටගනයේ ජෙනරාල්වරුන්ගේ මුහුණ රතුවිය. සතියක පමණ කාලයක් තිස්සේ ප‍්‍රහාරයක් එල්ලවන බවට නිසැක බුද්ධි තොරතුරු ලැබී තිබුණත් එය වැළැක්විය නොහැකි වූයේ ඇෆ්ගන් ජාතිකයන් ගේට්ටුව අසල නිරන්තරයෙන් පොරකන්නට වූ නිසාද? ටි‍්‍රලියන දෙකක් වියදම් කර කාබුල් නුවර අතහැර යෑමට සූදානම් වූ ඇමෙරිකාවට යළිත් වරක් අයිසිස් බෝම්බය හමුවේ තම මැරීන් සෙබළු 13 දෙනකු කෑලි කෑලිවලට කැඞී මිය යනවා දකින්නට සිදුවිය. මියගිය එක් මැරීන් සෙබළකුගේ පියා පවසා තිබුණේ තම දරුවාගේ මරණයට කෙළින්ම බයිඩන් ජනාධිපතිවරයා වගකිවයුතු බවයි.

ඉකුත් අපේ‍්‍රල් 15 වැනිදා තලේබාන්වරු කාබුල්නුවර අල්ලා ගත් විට ඇමෙරිකානු හෙළිකොප්ටර් මගින් තානාපති නිලධාරීන් ගුවන්තොටුපළ වෙත ප‍්‍රවාහනය කරන විට බොහෝ දෙනකුට 1975 සයිගොන් බිඳ වැටීම මතක් විය. මෙවර දක්නට ලැබුණේ බයිඩන්ගේ කාබුල් පරාජයයි. එහෙත් එය එතැනින් අවසාන නොවූයේ තලේබාන් පාලනයට දින 11 ක් ගෙවෙද්දී යළිත් ඇමෙරිකානු භටයන් බෝම්බයට බිළිවූ නිසාය. හිස් අතින් කාබුල් හැරදා යන්නට සිතූ ඇමෙරිකානුවන්ට දැන් තම සහෝදර සොල්දාදුවන්ගේ මිනී පෙට්ටිද රැුගෙන යෑමට සිදුවීම ඛේදයකි.

කාබුල් බෝම්බයේ මහ මොළකරු ඇමෙරිකානු ඩ්‍රෝන ප‍්‍රහාරයට බිලිවෙයි

බ‍්‍රහස්පතින්දා පස්වරුවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මාධ්‍ය අමැතූ බයිඩන් ජනපතිගේ ස්වරූපය වික්ෂිප්ත වූවෙකුට සමාන විය. මන්ද කෝරසාන් කල්ලිය ඇමෙරිකානු භටයන් 13 දෙනකු බිළිගැනීම කිස්සේත් සුළුකොට තැකිය නොහැකි වූ නිසාය. මේ ප‍්‍රහාරයට වගකිවයුතු සියලූ දෙනාටම එරෙහිව දැඩිව කි‍්‍රයාකරන බව මෙහිදී බයිඩන් අවධාරණය කර සිටියේය. ඒ අනුවම යමින් බෝම්බ ප‍්‍රහාරයෙන් පැය 48 ක් ඉක්ම යද්දී ඇෆ්ගනිස්ථානයේ තන්ගනාර් ප‍්‍රාන්තයේ එක් ස්ථානයක ගමන් ගනිමින් තිබූ වාහනයකට ඩ්‍රෝන ප‍්‍රහාරයක් එල්ල විය. මේනිසා එම වාහනයේ ගමන් කළ කෝරසාන් කල්ලියේ ප‍්‍රබලයන් දෙදනකු ඝාතනය විය.

පෙන්ටගනය පවසන්නේ මෙලෙස විනාශ කර දමන ලද්දේ බ‍්‍රහස්පතින්දා බෝම්බ ප‍්‍රහාරයේ මොළකරු හා ඔහුගේ සගයකු බවයි. ජනපති බයිඩන්ගේ පූර්ණ අනුමැතිය යටතේ මේ ප‍්‍රහාරය එල්ල විය. මියගිය මැරීන් භයන් වෙනුවෙන් ඇමෙරිකාව කෙසේ හෝ සාධාරණය ඉටුකළ යුතු විය.

ඉකුත් බ‍්‍රහස්පතින්දා පස්වරුවේ කාබුල් ගුවන්තොටුපළේ ඇබේ ගේට්ටුව අසලට පැමිණි අයිසිස් සාමාජික අබ්දුල් රෙහෙමාන් අල් ලෝදි ‘අල්ලාහු අක්බර්’ කියමින් සිය මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත්තේය. එයින් පසුව අයිසිස් කෝරසාන් කල්ලිය මහත් උද්දාමයෙන් මෙහි වගකීම භාරගෙන තිබූ අතර මරාගෙන මැරුණු තම සාමාජිකයන්ගේ ඡුායාරූපයද සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබිණි. හදිසියේම අයිසිස් කල්ලිය මතුවීම ලොව පුරා විසිරී පැතිරී සිටින ජිහාඞ් සාමාජිකයන්ට මහත් උද්දීපනයකි. ඉරාකයේ පරාජයෙන් පසුව පසු බැස සිටින අයිසිස් සාමාජිකයන්ටද යළි වඩා හොඳින් සංවිධානය වීමට අවස්ථාවකි. මෙය දකුණු ආසියානු කලාපයට පමණක් නොව සමස්ත ලෝකයටම තර්ජනයකි. තලේබාන්වරු ඒ ඒ ප‍්‍රාන්තවල බලය අල්ලා ගන්නා විට එම ප‍්‍රදේශවල පිහිටි බන්ධනාගාර

විවෘත කළ අතර එහිදී අයිසිස් සාමාජිකයන් සිය ගණනකට නිදහස ලැබිණි. ඇත්තෙන්ම මෙම කෝරසාන් කල්ලිය තලේබාන්වරුන්ටත් වඩා දරුණු පිරිසකි. මොවුනගේ ආගමික අන්තවාදය සැබවින්ම උමතුවකි. මීට කලකට පෙර කාබුල් නුවර ගැබිනිි වාට්ටුවකට පහර දුන්නේද මොවුන්ය. එමෙන්ම ඉකුත් මැයි මාසයේදී ෂියා මුස්ලිම් දැරිවියන් අධ්‍යාපනය ලබන පාසලකට පහරදී මහා මිනිස් ඝාතනයක් කළේද මොවුන් විසිනි. මොවුන් බලවත්වීම ගැන තලේබාන්වරු සතුටු නොවෙති. නමුත් දැන් තලේබාන් පාලනය යටතේ ඉතා හොඳින් නව මෙහෙයුම් ඉදිරියට කරගෙන යෑමට කෝරසාන් කල්ලියට සුවිශේෂී වාතාවරණයක් උදාවී ඇත. ඇත්තෙන්ම මෙම කණ්ඩායම අබුබකර්බැග්ඩෑඞ් ආරම්භ කළ අයිසිස් සංවිධානයේ ප‍්‍රාදේශීය ඒකකයකි. මොවුනට අවශ්‍ය මධ්‍යම අසියාවේ කෝරසාන් නම් ඉස්ලාම් එමීරය ඇති කිරීමටයි. එයට ඇෆ්ගනිස්ථානය මෙන්ම පාකිස්තානයද ඇතුළත්ය. 2015 ජනවාරියේදී මේ කල්ලිය පිහිටුවා ගන්නා විට මේහා එක්වූයේද තලේබාන් සාමාජිකයන්ය. විශේෂයෙන් පශ්තුන් ගෝති‍්‍රකයන් වැඩි වශයෙන් මොවුන් හා එක්විය. තලේබාන් සංවිධානයට වඩා උග‍්‍ර මුස්ලිම් අන්තවාදයක් අයිසිස් පැතිරවූ නිසා කෝරසාන් කල්ලිය හා එක්වන්නට දැඩි මතධාරීහු කැමති විය. ඇමෙරිකාව ඩ්‍රෝන ප‍්‍රහාරයක් එල්ල කළ නන්ගහාර්

පළාතේ කෝරසාන් කල්ලියේ කි‍්‍රයාකාරකම් කේන්ද්‍රගතව පවතී. මොවුන් හඛානි ජාලය සමගත් ළඟ සම්බන්ධතා පවත්වයි. ඇත්තෙන්ම තලේබාන්වරු කාබුල් නගරය අල්ලා ගත් පසු එහි ආරක්‍ෂාව භාරව සිටින්නේ ඛලීල් හඛාන්ය. මොහුගේ හිස වෙනුවෙන් ඩොලර් මිලියන 5 ක් ලබාදීමටද ඇමෙරිකාව කැමැත්ත පළකර තිබිණි. ඇෆ්ගන් වේලාවෙන් පස්වරු හයට පමණ සිදුවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් තලේබාන් සාමාජිකයන් 28 දෙනකුද මරණයට පත්ව තිබේ. තලේබාන් නායකයෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ ඇමෙරිකාවට වඩා හානියක් තම සංවිධානයට මේ ප‍්‍රහාරය නිසා සිදුවූ බවයි. බෝම්බයේ හානිය විශාල වූ නිසා සමහරුන්ට තුවාල ලැබූ තමන්ගේ ඥාතීන් හිතවතුන් විල්බැරෝවල පටවාගෙන රෝහල් කරා ගෙන යෑමට සිදුවිය. මේ ප‍්‍රහාරය අනුවම

ඇෆ්ගනිස්ථානයේ අරාජිකත්වය කෙසේද යන්න ගැන පැහැදිලි අවබෝධයක් ලැබේ.

තලේබාන් සංවිධානය ඇමෙරිකාවට දන්වා ඇත්තේ හෙටින් (31* පසු කාබුල් නුවර ගුවන්තොටුපළෙන් ඉවත්විය යුතු බවයි. මේ බෝම්බ ප‍්‍රහාරයත් සමග කාබුල්හි අනාරක්‍ෂිතභාවය ඉතාම වැඩි නිසා බි‍්‍රතාන්‍යය ඇතුළු සෙසු රටවල දැනටමත් සිය සොල්දාදුවන් සමගම වහා පිටත්ව ගොස් ඇත. ඔවුන් ඇමෙරිකාවට මේ කොටි වලිගය අතහැරීම ලේසි නැත. ඉන්දීය විගෙනත් රූපවාහිනිය පවසන්නේ මරාගෙන මැරෙන ප‍්‍රහාර හතක් දියත් කිරීම සඳහා කෝරසාන් සාමාජිකයන් සූදානම්ව සිටින බවයි. එසේ සිදුවුවහොත් සිදුවන විනාශය ගණනය කළ නොහැකිය. පැයෙන් පැය ඉක්මවෙද්දී කාබුල් ගුවන්තොටුපළේ අනාරක්‍ෂිත තත්්ත්වය තව තවත් වැඩිවීම හැර අඩුවීමක් නම් දක්නට නැත. මෙය සැබවින්ම ඇමෙරිකාව වර්තමානයේ මුහුණ දෙන බලවත්ම උභතෝකෝටියක බව පැහැදිලිව සටහන් විය යුතුය. ධවල මන්දිර ප‍්‍රකාශකයෙක් සඳහන් කර තිබුණේ අන්තවාදීන් යළිත් වරක් ප‍්‍රහාරයකට සැරසෙන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි. ‘ඇත්තටම එය බලවත් තර්ජනයක් අපේ හමුදා භටයන් අනතුරක ඉන්න බව පිළිගන්න වෙනවා’ යනුවෙන් එම ප‍්‍රකාශකයා අවධාරණයෙන් සඳහන් කර තිබිණි.

ඇෆ්ගනිස්ථානය අස්ථාවර වීම ඉන්දියාවට බලවත් ප‍්‍රශ්නයකි. මන්ද තලේබාන්වරු කාබුල්හි බලය අල්ලා ගැනීමත් සමග තමන් ඉවතට විසිවන බව දිල්ලි ආණ්ඩුව හොඳින්ම දනී. පාක්ස්තාන හමුදා ජෙනරාල්වරු අත්පුඩි තලද්දී කාබුල්නුවර තලේබාන් කොඩිය එසවිණි. මෙය දිල්ලියේ ඇස් රතු කරන්නකි. අෂ්රාෆ් සාකි පාලනය යටතේ දිල්ලියට වැඩි බලපෑමක් කළ හැකි වුවද තලේබාන්වරුන් හමුවේ කාබුල් අතහැර පළා එන්නට ඉන්දීය තානාපති නිලධාරීන්ට සිදුවිය. දැන් තලේබාන් නායකයෝ ප‍්‍රසිද්ධියේ ඉන්දියාවට අනතුරු අඟවන්නේ තමන්ගේ කටයුතුවලට බාධා පැමිණවීමට උත්සාහ නොකරන ලෙසය. කෝරසාන් කල්ලිය හිස එසවීම ඇමෙරිකාවට මෙන්ම ඉන්දියාවටද ප‍්‍රශ්නයකි. තලේබාන්වරු අතට පත්ව ඇති ඇමෙරිකන් ආයුධ කාශ්මීර සටන්කාමීන් අතට පත්වීමට ඇති ඉඩකඩ පිළිබඳව ඉන්දියාව බලවත් කණස්සල්ලෙන් පසුවේ. මේ නිසා අද කාබුල් අර්බුදය කලාපයටම හිසරදයක් වී ඇත.

විශේෂයෙන්ම තලේබාන් බලය අල්ලා ගැනීමත් සමග බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදී මත වේගයෙන් පැතැර යෑම උත්සන්න වී ඇත. තලේබාන් පාලනයට ආශීර්වාද කරමින් රට පුරා උද්ඝෝෂණ ආරම්භ වී ඇති අතර සමහර බෙංගාලි තැරැුව්කරුවෝ කාබුල් වෙත ගොස් තලේබාන්වරුන් හා එක්වීමටද කැමැත්ත පළකර තිබේ. චිතගොන් සිට මුහුදු මාර්ග ඔස්සේ පාකිස්තානයට ගොස් ඒ හරහා

ඇෆ්ගනිස්ථානය වෙත ගිය පිරිස් ගැනද වාර්තා වන බව ඩකා පොලිසිය කියයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment