කාම්බෝජයේ කසළ කන්දට පෑයූ පහන්එළිය ‘‘ස්කොට් නීසන්’’

405

ස්කොට් නීසන්… ඔහුගේ ජීවිත ගමන ආරම්භ වුණේ උසස් අධ්‍යාපන සහතික මත ලබා ගත් තක්සේරුවකින් නම් නොවේ. ස්කොට් නීසන් ඔස්ටෙ‍්‍රලියාවේ ඇඩිලේඞ් නගරයේ ජීවත් වුණ කාලයේදි ඉගෙනුම වෙනුවෙන් කිසිදු උනන්දුවක් දැක්වූ චරිතයක් නොවෙයි. ඒ නිසාම ඔහු උසස් අධ්‍යාපනය ලබනවා වෙනුවට සිනමා ප‍්‍රක්ෂේපන ශිල්පියෙකු ලෙසින් සේවයට සම්බන්ධ වුණා. ඉගෙනුමට උනන්දුවක් නොදක්වන දරුවන් අතරමග හලා යන අධ්‍යාපන රටාවක් නොමැති නිසාම ඔස්ටේ‍්‍රලියාවේ ෆෙඩරල් රජයේ රැුකියා යෝජනා ක‍්‍රමය යටතේ ඔහු සිනමාශාලා ප‍්‍රක්ෂේපණ ශිල්පියෙකු ලෙසින් සේවයට සම්බන්ධ වුණා.

*  නමුත් ඔහු එකතැන නැවතුනේ නැහැ…

මේ වෘත්තියේ යෙදෙමින් සිටින අතරවාරයේදී ස්කොට් නීසන් 1983 වසරේදී සිඞ්නි නගරයට පැමිණ ‘‘ගේ‍්‍රටර් යූනියන් ’’ සංවිධානයේ සිනමා කටයුතුවලට සම්බන්ධ වුණා. එම ආයතනය විසින් නීසන්ට ‘‘හොයිට්ස් තියටර්ස්’’ ආයතනයේ බෙදා හැරීමේ අංශයේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරුට බඳවා ගන්නවා.

* ඇමරිකාවටත් යෑමේ අවස්ථාව…

මේ අන්දමින් සේවයේ යෙදී සිටින නීසන්ට 1983 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස්හි 20th Century Fox International ආයතනයේ ජාත්‍යන්තර අලෙවිකරණ ප‍්‍රධානියා ලෙසින් සේවයට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබෙනවා. සිය සේවා කාලය තුළ ඔහු blockbuster  චිත‍්‍රපට (Braveheart, Titanic, Star Wars, සහ X-Men.) කීපයක් ප‍්‍රදර්ශනය කරමින් මෙම ආයතනයට බිලියන 1. 5 ක ආදායමක් උපයා දීමට සමත් වුණා. සිය හැකියාව සහ කැපවීම ප‍්‍රායෝගිකව ප‍්‍රදර්ශනය කළ නිසාම 2000 වසරේදී  20th Century Fox International ආයතනයේ සභාපති තනතුරට ඔහු තේරී පත් කර ගත්තා.

* සිතේ සතුටක් නැතිවීම…

මිල මුදල්, යාන වාහන සහ කීර්තිය තිබුණත් ඔහුගේ ජීවිතයේ කුමක් හෝ හිස්බවක් නිතරම දැනෙන්න වුණා. ඒ නිසාම ජීවිතයට යම් වෙනසක් අවශ්‍ය බැව් තේරුම් ගත් නීසන් 2003 වසරේදී ෆොක්ස් ආයතනයෙන් ඉවත් වී Sony Pictures International, ආයතනයේ ජාත්‍යන්තර අලෙවි කළමනාකරුවෙකු ලෙසින් සේවයට සම්බන්ධ වුණා. මෙම ආයතනයේ සේවයේ යෙදෙමින් සිටියදී නිසන් අග්නිදිග ආසියාවේ සංචාරයක යෙදුනා. මැලේසියාවේ ‘‘ස්නොම් පෙන්’’ නගර ජනතාව ජීවත්වෙන අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ඔහු දුටුවා. කුණු සහ දූවිලි වලින් පිරී ගිය මේ කුනු කන්ද අසල දරුවන් සහ වැඩිහිටියන් අබලි ද්‍රව්‍ය එකතු කරන බැව් දුටු නීසන්ගේ හිත කම්පාවට පත් වුණා. ඔවුන් මේ අබලි ද්‍රව්‍ය එක්රැස් කොට ඩොලරයක් වැනි සුළු මුදලකට අලෙවි කරමින් ජීවත්වෙන දුක්බර කතාව නිසන් හදවතින්ම දුටුවා. මේ කුණුකන්ද සමග හැපෙමින් සිටි දරුවන් දිහා ඔහු බැලූවා. ඇතැම් දරුවන් අපද්‍රව්‍ය එකතු කිරීමට පැමිණියත් තවත් දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් විසින් මේ කුණුකන්ද අසල අතහැර දමා ගොස් තිබුණා.

* හිස්තැනට විකල්පයක්…

මේ වෙන විට තමාගේ ආර්ථිකය භෞතික සම්පත්වලින් සම්පූර්ණ කර ගෙන සිටියත් ඔහුගෙන් තවත් අයෙකුට සේවාවක් හෝ පිහිටක් ලැබුනේ නැතැයි යන වරදකාරී සිතුවිල්ල ඔහුට පීඩා කරන්නට වුණා. දැන් නම් හොඳම අවස්ථාව.. නීසන් තීරණය කළා.

කුණු කන්ද අසල සිටි කුඩා දැරියක් දෙස ඔහු බැලූවා. ඇගේ වයස අවුරුදු නවයයි. නම ‘‘ශ්‍රෙයන් ’’. භාෂා පරිවර්තකයෙකුගේ සම්බන්ධයෙන් ඇගේ ජීවිත කථාව නීසන් දැනගත්තා. ශ්‍රෙයන් විතරක් නොවෙයි, ඇගේ සහෝදරියත් මේ කුණු කන්ද අසල ජීවත් වුණා. ඔවුන්ගේ දෙමව්පියන් විසින් මේ දරුවන් කන්ද අසල අතහැර දමා ගොස් තිබුණා. ඇගේ සහෝදරියත් දැඩි සේ රෝගාතුරව සිටියා. නීසන් රෝගි දැරියටත් ප‍්‍රතිකාර ලබා දුන්නා. සංචාරය අවසානයේදී නීසන් නැවත ලොස් ඇන්ජලිස් බලා යා යුතුයි. ඔහු මේ දරුවන්ට නවාතැන් පහසුකම් සපයා පාසල් යැවීමටත් අවශ්‍ය කටයුතු සලසා දුන්නා. ලොස් ඇන්ජලිස් සිට මාස්පතා ඔවුන්ගේ වියදමටත් මුදල් එවීමට නීසන්ට අමතක වුණේ නැහැ.

* ඔහු සිතින් ජීවත්වුණේ කුණු කන්ද අසලයි…

ලොස් ඇන්ජලිස් නගරයට පැමිණ නැවත සිය රැුකියාවට යොමු වීමට තරම් හිත තැන්පත් වුණේ නැහැ. කුණු කන්ද අසල දරුවන් සිහිපත් වෙන්න පටන් ගත්තා. මේ දරුවන්ගේ සුබසිද්ධියට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා ඔහු විටින් විට කාම්බෝජයට ගියා. නීසන් 2004 වසරේදී තමාගේ මූලිකත්වයෙන් , “Cambodian Children’s Fund” යන ලාබ නොලබන ආයතනය ස්ථාපිත කළා. මේ දරුවන්ගේ ගතිගුණ ගැන සඳහන් කරන නීසන් කියන්නේ ඔවුන් කවදාවත්ම මගෙන් මුදල් ඉල්ලූවේ නැහැ. අනේ අපට ඉස්කෝලේ යන්න ඕන… උදව් වෙන්න.. ඒ කුඩා දරුවන්ගේ ඉල්ලීමට නීසන්ගේ හිත දැඩි සේ සංවේදී වුණා. සැබැවින්ම මේ පරිත්‍යාගශීලී මිනිසාගෙන් මුදල් ඉල්ලමින් මේ දරුවන් පසුපස ආවා නම් මේ කථාව මීට වඩා වෙනස් වෙන්නත් තිබුණා. මේ අතර නීසන් ලොස් ඇන්ජලිස් නගරයට සහ තමාගේ රැකියාවටත් සමු දී කාම්බෝජයට පැමිණියහ. තමාගේ මානව හිතවාදී වැඩපිළිවෙළ තවදුරටත් සංවර්ධනය කරමින් කාම්බෝජයේ පෞද්ගලික ජාත්‍යන්තර පාසලක උපදේශකයෙකු සමග සම්බන්ධ වී දරුවන් 45 කින් යුක්ත පාසලක් ආරම්භ කළා. ඔහු එතැනින් නැවතුනේ නැහැ. ගමේ සංචාරයේ යෙදෙමින් දරුවන් අධ්‍යාපනය අතහැර ගියේ ඇයි කරුණු විපරම් කළා.

සද්භාවයෙන් කළ සත්කි‍්‍රයාව සමග සංකලනය වුණ නීසන්ගේ කැපවීම නිසා 2019 වසර වෙන විට මෙම අරමුදල් යටතේ අධ්‍යාපනය ලබා ගත් දරුවන්ගේ සංඛ්‍යාව 1898 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔහු ඉගෙනුමට අමතරව නිවාස නැති පවුල් 461 ක් වෙනුවෙන් නිවාස ලබා දී තිබෙනවා. සහල් ටොන් 45 ක් සහනාධාර ලෙසින් ලබා දුන්නා. පාසල් දරුවන් වෙනුවෙන් සහ අවශ්‍යතාව ඇති පුද්ගලයන් වෙනුවෙන් ආහාරවේල් 151,184 ක් ලබා දී ඇති අතර වෛද්‍ය උපදේශන සහ ප‍්‍රතිකාර ලබා ගත් පිරිස 33,194 ක්. 2018 වසරේදී පමණක් මේ පාසලෙන් උපාධිධාරීන් 30 දෙනෙක් බිහි වී තිබෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ පාසල්වලින් ලබන ශිෂ්‍යත්ව මත සිය උසස් අධ්‍යාපනය ලැබීමටත් කාම්බෝජයේ දරුවන් සමත්. දැන් ඔබට පුංචි ගැටලූවක් ඇති. මුලින්ම කුණු කන්ද අසලින් නීසන්ට හමු වුණ ‘‘ශ්‍රෙයන් ’’ කෝ…? ඇය 2019 වසරේදී සිය විද්‍යාවේදී උපාධිය ලබා ගත්තා. කාම්බෝජයේ කසළ කන්දට පෑයූ පහන්එළිය ‘‘ස්කොට් නීසන් ‘‘කිව්වොත් වරදක් නැහැ.

* පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment