කාමාතුරයාට දරුවන් බිලිදුන් ළමා නිවාසයේ පාලිකාව අත්අඩංගුවට

144

රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලද දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධ තොරතුරු සැඟවීම සහ අනුබල දීමේ චෝදනා මත ප්‍රධාන සැකකරුගේ බිරිඳ වන එම ළමා නිවාසයේ හිටපු පාලිකාව රක්වාන පොලිසිය විසින් ඊයේ (01 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාරිය ඊයේ රක්වාන සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිඹුණි.

එම පාලිකාවගේ සැමියා මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධව සැකපිට පසුගිය 26 වනදා අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

එම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ බිරිඳ වන ළමා නිවාසයේ හිටපු පාලිකාව පොලිසිය මගහැර සිටි බව පොලිසිය පවසයි. ඊයේ 01 වනදා උදෑසන ඇය රක්වාන නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළ සිටියදී රක්වාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී. පී. ගුණසේකර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ රක්වාන ළමා නිවාසයේ අපයෝජන සිද්ධිය අනාවරණය වීමෙන් පසු ළමා නිවාසයේ පාලනාධිකාරිය විසින් සැකකාර පාලිකාව සේවකයන් ඉවත් කර තිබේ.

මෙම අපයෝජන සිද්ධිය ගැන ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහුගේ උපදෙස් අනුව රත්නපුර ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය විසින් පරීක්ෂණ සිදුකර ළමා නිවාසයේ හිටපු පාලිකාවකගේ සැමියා රක්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි. අපයෝජනයට ලක්වු විසි හැවිරිදි තරුණියක් මෙම ළමා නිවාසයේ රැකවරණ ලබා ඇති අතර ඇයගේ වයස අවුරුදු 18 ඉක්මවු පසු පාලිකාවගේ නිවසේ නැවතී පාසල් ගොස් ඇතැයි ද එහිදී ඇය අපයෝජනයට ලක්ව ඇතැයි ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment